Tuesday, April 22, 2025
Home » ‘අම්මා තමයි තවමත් අගමැති’

‘අම්මා තමයි තවමත් අගමැති’

-හසීනාගේ පුත්‍රයා රොයිටර් පුවත් සේවයට කියයි

by sachintha
August 14, 2024 1:55 am 0 comment

සිය මව බංග්ලාදේශයේ අගමැති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් නොවූ බව ඇගේ පුත්‍රයා සජීඩ් වසීඩ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට ඔහු රොයිටර් පුවත් සේවයට සඳහන් කර ඇත්තේ අගමැති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීමට සිය මවට අවස්ථාවක් නොලැබුණු බවය.

‘ප්‍රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරන්න ඇය සැලසුම් කර තිබුණා. ඒත් විරෝධතාකරුවන් අගමැති නිල නිවෙස දක්වා පැමිණෙමින් සිටි නිසා ඊට අවස්ථාවක් ලැබී තිබුණේ නෑ. අඩුම තරමින් ඇයට ඇගේ ඇඳුම් පැලඳුම්වත් අසුරගන්න බැරි වුණා. ඒ නිසා බංග්ලාදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අම්මා තමයි තවමත් අගමැති. සජීඩ් වසීඩ් රොයිටර් පුවත් සේවයට එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එම තත්ත්වය මත බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවීම එරට අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට හැකියාව ඇතැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT