Home » රට හදන අපේ වැඩපිළිවෙළ මේ 26 වෙනිදා එළිදක්වනවා

රට හදන අපේ වැඩපිළිවෙළ මේ 26 වෙනිදා එළිදක්වනවා

-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
August 13, 2024 1:42 am 0 comment

මහින්ද රාජපක්ෂත් රනිල්ලා කියනවා රට ගොඩනඟනවා කියලා. හැබැයි ඒගොල්ලෝ කියපු අර්ථයෙන් නෙවෙයි අපි රට ගොඩනඟනවා කියන්නේ. රටේ පොදු ජනතාව, ජීවත් වෙන්න පොරබදන, සාමාන්‍ය අපේක්ෂාවන් ආශාවන් වෙනුවෙන් කැප කරපු මිනිස්සු වෙනුවෙන් අපි රට ගොඩනඟන්න ඕනේ. අන්න ඒ ජනතාවට අනාගතයක්, සැපවත් හෙටක්, සතුටුදායක රටක් හදන එක තමයි ජාතික ජන බලවේගය ආණ්ඩුවකින් කෙරෙන්නේ. ඒ තිරසර වැඩපිළිවෙළ ඉතාම දූරදර්ශීව ශක්තිමත් කරලා කෙටුම්පත් කරලා තියෙන්නේ. රට හදන අපේ ඒ වැඩපිළිවෙළ මේ මාසයේ 26 වෙනිදා අපි එළිදක්වනවා යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

සැප්තැම්බර් 22 වෙනි ඉරිදා උදේ වරුව යනු මේ රටේ පොදු ජනතාව සතුටු වෙන්න පටන් ගන්න දවස බවත්, ඊට හේතුව ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයාගේ නායකත්වයෙන් අලුත් ආණ්ඩුවක් ආරම්භ වීම බවත්ය.

ඒ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (11) කළුතර උතුර මහජන පොළ භූමියේ ප්‍රධාන ශාලාවේ පැවැති කාන්තා බලමුළුවක් අමතමිණි.

2023 දෙසැම්බර් මාසයේ අපි මේ ස්ථානයේම තිබ්බා ත්‍රිවිධ හමුදා දිස්ත්‍රික් සමුළුව. මහා ජන ගඟක් ආවා. ඉතින් අද මේ කළුතර නගරය අවට කාන්තාවන් විතරක්ම මෙතන ඇවිල්ල පිරිලා ඉන්නවා කියන්නේ, ආයෙත් අපේ ජයග්‍රහණය ගැන සැකයක් තියෙයිද? නෑ කොහෙත්ම නෑ, මේවා දැක්කහම තමයි අපේ ප්‍රතිවාදියාට උණ ගැනෙන්නේ. ප්‍රතිවාදියා බයෙන් සලිත වෙන්නේ. හැබැයි මතක තියාගන්න. අද මේ ජාතික ජන බලවේගයට නායකත්වය ගැන මහජන ව්‍යාපාරයට ඒවා කිසිවක් බාධාවක් නොවේ. ඒවා අභියෝගත් නොවේ. ඒවා සියල්ල ජයග්‍රහණය කරන්න පුළුවන් තරමට අද රටේ පොදු ජනතාව ශක්තිමත්ව ඉන්නවා කියන එක අපි මේ වෙලාවේ කියන්න කැමතියි. ඔබේ ගෙදර දහසක් වැඩ අත්හැර දමලා අතපසු කරලා දමලා මේ කාන්තාවො ටික මේකට දායකත්වය දක්වනවා කියන්නේ ආදරණීය කාන්තාවනේ මේක තමයි රටේ අනාගතේ ඊට වඩා දෙයක් තවත් නැහැ.

දැනටමත් අපේ ඒ වැඩපිළිවෙළේ කොටස් ඔබට දැනගන්න ලැබිලා ඇති. ඡන්දෙ කාලෙට හාල් කිලෝ දහයක් දෙනවා වගේ, ඔප්පු කොළ බෙදනවා වගේ ජනතාව රැවටෙන මුළා කරන වැඩපිළිවෙළක් නොවේ, හැබැයි අරගොල්ළොන්ගේ වැඩපිළිවෙළ කියන්නේ ජනතාව රවටන්න දාපු බොරු පඩංගුවක් විතරයි. අපි රට ගොඩනඟන වැඩපිළිවෙළ විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා විද්වතුන් සමඟ සාකච්ඡා කරලා හදාගත්ත විද්‍යාත්මක වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ මත මේ රටේ ආර්ථිකය සකස් කරල වර්ධනය වෙනවා.

කළුතර මධ්‍යම විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT