ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා දේශපාලන පීල්ල මත මේ කෝච්චිය ගමන් කරන බවත් පීල්ල මාරු කරොත් රට බිහිසුණු තැනකට වැටෙන බවත් එම නිසා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බවත් දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පොදු ජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමඟ අම්පාරේ පැවති රැස්වීමකදීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගය භාර අරගෙන තමන්ගේම ආර්ථික දර්ශනයක් අනුව මේ රටට ඉදිරියට රැගෙන ගිය බව ද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
හරි හෝ වැරැදි හෝ දැනට රට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන මතයි. මේ පීල්ල මාරු කළොත් කෝච්චිය පෙරළෙනවා. සජිත් ඇවිල්ලා මාරු කරත් එහෙමයි, අනුර ඇවිත් මාරු කරත් එහෙමයි. මේ රට බිහිසුණු තැනකට වැටෙනවට මම පෞද්ගලිකව කැමැති නැහැ. ඒක නිසා මම කැමැතියි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට. පොහොට්ටුවට දිනන්න බැරි නිසා.
ඉතිහාසයේ අපි සෑම මැතිවරණයකදීම රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව වැඩ කරේ. හැබැයි දැන් එහෙම වැඩ කරන්න අවශ්‍යතාවක් නැහැ.”
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුගත් ජාතුංග ආරච්චි, මහඔය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික නිලන්ත, උහන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් ප්‍රියන්ත, පදියතලාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දිනේෂ් පරාක්‍රම, නාමල්ඔය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පාලිත පුෂ්පකුමාර, ලාහුගල හිටපු සභාපතිවරයකු වූ නිරෝෂන්ද සිල්වා ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් මෙහිදී අදහස් දැක්වූහ.
දිගාමඬුල්ල විශේෂ
වසන්ත චන්ද්‍රපාල