157
කොළොන්නාව සාමවිනිසුරුවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය සායනයක් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොළොන්නාව ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ජේ.ඒ.ටී. නිරංජන මහතා ප්‍රධාන වෛද්‍ය මණ්ඩලයක අනුග්‍රහයෙන් ගොතටුව ශ්‍රී ඥාණවිමලාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.
මුල්ලේරියාව සිංහ සමාජයේ ද සහයෝගය ඇතිව සංවිධානය කළ එම සායනයට සහභාගී වූ පිරිස වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට භාජනය වූ අන්දම හා සංවිධායකවරුන් හා වෛද්‍යවරුන් පිරිස සායනයෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු මෙහි දැක්වේ.
කොළොන්නාව සමූහ – ඒ. සුමනසේන