මහනුවර ඇසළ පෙරහර සමයේ දිනකට ටොන් තුනක පමණ ප්‍රමාණයක පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය රැස්වන බැවින් කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් පෙරහර සමයේ කසළ බැහැර කිරීම පිළිබඳව වසර ගණනාවක් තිස්සේ දැනුම්වත් කිරීම් සිදුකරන ලද නමුත් බැතිමතුන් විසින් විධිමත්ව කසළ බැහැර නොකරයි
මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,මහනුවර මහා නගර සභාව, මහනුවර පොලිසිය වැනි ආයතනවල ප්‍රධානත්වයෙන් කසළ කළමනාකරණ වැඩසටහන් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කොට ඇත. මධ්‍යම පළාතේ පාසල් තිහක පරිසර නියමු දරුවන් යොදාගෙන වීදි නාට්‍ය, විරිදු ගීත, නාටක, නැටුම් ආදි විශේෂාංග යොදා ගනිමින් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.
ගලහ සමූහ – සි.කේ. වික්‍රම