638
නවතා තිබු මගී ප්‍රවාහන බස් රථයක ත්‍රි රෝද රථයක් ගැටි අද (13) සිදුවු මාරක අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කල බව මුන්දලම පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්‍රි රෝද රථයෙ ගමන් ගත් මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයෙ පදිංචිකරුවන් පිරිසකි.
විදේශ රැකියාවක් සදහා පිටත් වීමට සිටි පිරිසක් කටුනායක ගුවන් තොටුපල රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙයි.
අනතුර සම්බන්ධව මුන්දලම පොලිසියේ රථවාහන අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.