456
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (12) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. අලි සබ්‍රි මහතා දැනට දරනු ලබන විදේශ කටයුතු අමාත්‍ය ධුරයට අමතරව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේද මේ අනුව ඉදිරියට කටයුතු කරනු ලබයි.