පුලතිසි රාජා සහ කෝට්ටේ රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් ගනිද්දී සිංහ රාජා ඇතා සධාතුක කරඬුව වැඩම කළ අයුරු. ඡායාරූපය- රුවන් මීගම්මන
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහර අද (13) වීදි සංචාරය කරයි.
ශ්‍රී දළදා මාලිගාව අබියසින් රාත්‍රී 7.20ට ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.
ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යෙය් තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කිරීම ඊයේ (12) පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.
දෙවන කුඹල් පෙරහර පෙරේදා (11) රාත්‍රියේ වීදි සංචාරය කළ අතර එහි දී සධාතුක කරඬුව වැඩම කරවන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන සිංහරාජා ඇතා මතිනි. පුලතිසි රාජා සහ කෝට්ටේ රාජා දෑලේ ඇත්තු ලෙස ගමන් ගත්හ.
අසේල කුරුළුවංශ