Home » මැතිවරණ සමයේදී පිරිපුන් මානුෂීය ගුණධර්මවලින් යුතුව ජීවත් වන ලෙස ඉල්ලමින් යාපනයේ තරුණයෙක් පාගමනක් අරඹයි

මැතිවරණ සමයේදී පිරිපුන් මානුෂීය ගුණධර්මවලින් යුතුව ජීවත් වන ලෙස ඉල්ලමින් යාපනයේ තරුණයෙක් පාගමනක් අරඹයි

by sachintha
August 13, 2024 1:46 am 0 comment

සියලු ජාතීන් අතර සාමය හා ආගමික සහනශීලිභාවය වර්ධනය කර ගැනීමට සියලු දෙනාම එක්සත්ව හා එක්සිත්ව ජීවත් වන ලෙසත් මැතිවරණ සමයේදී පිරිපුන් මානුෂීය ගුණධර්මවලින් යුතුව ජීවත් වන ලෙසත් ඉල්ලමින් යාපනයේ තරුණයෙකු ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන අන්දමට පාගමනක් පෙරේදා (11) යාපනයෙන් ආරම්භ කළේය.

ශිවානන්දන් පවිස්වරන් නමැති 23 හැවිරිදි මෙම තරුණයා යාපනයේ නල්ලූර් කෝවිල අසලින් මෙම පාගමන ආරම්හ කළ අතර, ඔහුට සුබ පැතීම පිණිස කීප දෙනෙක්ම එම ස්ථානයට පැමිණ සිටියහ.

ඔහු සිය පාගමනේදී පසු කරනු ලබන ප්‍රසිද්ධ නගරවලදී ඖෂධ පැළයක් රෝපණය කිරීමට හා රැස්වන පිරිසට තමන්ගේ පණිවුඩය ඉදිරිපත් කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.

මෙම පාගමනේදී අනුරාධපුරය දඹුල්ල මහනුවර කතරගම ඇතුළු පූජනීය ස්ථානවලදී පින්කම්වලට සහභාගි වීමටද ඔහු වැඩපිළිවෙළක් ඔහුගේ හිත මිතුරන් ලවා සංවිධාන කොට ඇත.

උතුරු පළාත් විශේෂ

රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT