Home » තල්ගස් වැව පවුලක් සඳහා යුද හමුදා පස් වන කාලතුවක්කු හමුදාවෙන් නිවෙසක්

තල්ගස් වැව පවුලක් සඳහා යුද හමුදා පස් වන කාලතුවක්කු හමුදාවෙන් නිවෙසක්

by sachintha
August 13, 2024 1:46 am 0 comment

ආර්ථික අපහසුතා හේතුවෙන් නි‍ෙවසක් ඉදිකර ගැනීමට නොහැකි වූ කන්තලේ, තල්ගස් වැව ප්‍රදේශයේ පදිංචි පවුලක් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා පස් වන කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඉදිකර දෙනු ලැබූ නි‍ෙවස නැඟෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්.එම්. කුලතුංග හා ඒ සඳහා දායකත්වය ලබා දුන් සන්තුෂ් වීරමන් යන මහත්වරු අතින් විවෘත කරනු ලැබූහ.

ත්‍රිකුණාමලයේ 22 පාබළ සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පී.ඒ.එම්. පීරිස් මහතාගේ උපදෙස් මත මෙම නි‍ෙවස ඉදිකර තිබුණි.

මෙයට සමගාමීව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් පහක් සඳහා කිරි ගවයන් ලබාදීමද සිදු කළහ.

ත්‍රිකුණාමලය විශේෂ – ඒ.ටී.එම්. ගුණානන්ද

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT