Friday, April 25, 2025
Home » තනිව සිටි තිදරු මව අත් පා ගැටගසා නිරුවත් කර ඇඳ මත ඝාතනය කරලා

තනිව සිටි තිදරු මව අත් පා ගැටගසා නිරුවත් කර ඇඳ මත ඝාතනය කරලා

by sachintha
August 13, 2024 1:44 am 0 comment

තිදරු වයෝවෘද්ධ මවක් අත්පා බැඳ ගැටගසා නිරුවත් කර මදුරන්කුලිය, නල්ලන්දළුව ප්‍රදේශයේ ඇගේ නි‍ෙවස තුළදී අබිරහස් අයුරින් මරා දමා තිබියදී ප්‍රදේශවාසීන් ඊයේ (12) ලබා දුන් තොරතුරක් මත සොයා ගත් බව මදුරන්කුලිය පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි සෙල්වමරික්කාර් අයිනා උම්මා නමැති තිදරු මවක් බව පොලිසිය පවසයි.

මෙම තිදරු මව තනිව ඇයට අයත් පොල් ඉඩම තුළ වූ නි‍ෙවසේ වාසය කර ඇති බවත් දරුවන් ඇයව බැලීමට පැමිණ ඇත්තේද ඉඳහිට බවත් ඇය ද දරුවන්ගේ නිවෙස් වෙත යාමට එතරම් කැමැත්තක් තිබී නොමැති වීම මත තනිව නි‍ෙවස තුළම රැඳී සිට ඇති බවද පරීක්ෂණවලදී සනාථ වී තිබිණි.

කෙසේ වෙතත් මෙම තිදරු මව පදිංචි ඉඩමට නිරන්තරයෙන් අවට කාන්තාවන් ආ ගිය බවත් ඔවුන් පොල් අතු හා දරට පොල් ලෙලි රැගෙන යාමට පුරුද්දක් ව තිබී ඇති බවත් එසේ පැමිණි කාන්තාවන් දෙදෙනෙකු මෙම තිදරු මව නි‍ෙවසේ කාමරයක වැටී සිටිය දී ඒ පිළිබඳව අවට පිරිස් දැනුවත් කර පොලිසිය දැනුම් කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය පවසයි.

මෙම කාන්තාව ඇගේ නිවසේ නිදි යහන මතදී මෙලෙස අත් පා ගැට ගසා කිසියම් ලෙසකින් මරා දමන්නට ඇති බවත් සිරුර බාහිර කිසිදු ලෙසකින් කැපුම් හෝ වෙනත් තුවාල කිසිවක් දැක ගත නොහැකි වූ බව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.

කෙසේ නමුත් මෙම කාන්තාව සතුව විශාල මුදලක් තිබෙන්නට ඇති බවත් ඇය සතු රන් ආභරණ ඇතුළු දෑ ද නොතිබූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

මෙම කාන්තාව පදිංචිව සිටි නි‍ෙවස ඉතා අපිරිසිදු ලෙස තිබූ බවත් මාස කිහිපයකින් එය නිසි ලෙසකින් පිරිසිදු කිරීමක් පවා කර නොමැති බවද පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ඒ.එම්. සම්සු රාෆි මහතා අදාළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමට පොලිසියට නියෝග කළ අතර මෙම මරණය පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ද නියෝග කළේය.

පුත්තලම අතිරේක

හිරාන් ප්‍රියංකර ජයසිංහ

වනාතවිල්ලුව සමූහ – ප්‍රියංකර කළුපහන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT