ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. ආර්. ඒ. එන්. එස්. විජයසිංහ මහතා අතර ගිවිසුම හුවමාරු කරමින්. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ද මෙහි සිටී.
මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීමට තවත් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් සැක කටයුතු දේපොළ ලියාපදිංචි කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ගැනීමට හැකි වන පරිදි අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මේ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට ලැබෙන භාර ලියාපදිංචි කිරීම් සහ ඒ ආශ්‍රිත ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් ද අදාළ තොරතුරු මූල්‍ය බුද්ධි ඒකකය වෙත ලබා ගැනීමට පහසුකම් මේ අනුව සැලසෙනු ඇත.
එලෙස තොරතුරු ලබා ගැනීමට හැකිවීම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම, ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීම, අනාවරණය කර ගැනීම සහ එම වැරැදි සම්බන්ධයෙන් විමර්ශනය කර නඩු පැවරීම සඳහා ඉතා වැදගත් බව මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්ලිව්. ආර්. ඒ. එන්. එස්. විජයසිංහ මහතා අතර මේ අවබෝධතා ගිවිසුම අත්සන් තබන ලදි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ඉදිරියේ මේ ගිවිසුම අත්සන් තැබුවේය.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ඊ. එච්. මොහොට්ටි මහත්මිය ද එක්ව සිටියාය.
ජයසිරි මුණසිංහ