අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයට පත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්‍භ කිරීම අද (13) පෙරවරුවේ සිදුවිය.
ඒ අධිකරණ අමාත්‍යාංශයේ දීය.
රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අධිකරණ අමාත්‍යංශයේ කාර්යභාරයේ ප්‍රගතිය පිළිබදව අමාත්‍යවරයා විමසු අතර, අතරමග ඇණහිට ඇති අධිකරණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හා සංහිදියා කාර්‍යභාරය හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු යන අංශවලට මුලිකත්වය දෙමින් ක්‍රියා කරන ආකාරය පිලිබදව අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.
කඩිනමින් අවසන් කල යුතු කාර්‍යභාරයන්ට මුලිකත්වය දෙමින් කටයුතු කල යුතු බවට මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය.
නඩු විසදීම පමණක් නොව රටේ අනාගතය තීරණය කිරීමේදී අධිකරණ අමාත්‍යාංශයේ කාර්යභාරය වැදගත් වන බවත්, 2020 වසරේ සිට අංශ පහක් ඔස්සේ අමාත්‍යාංශයේ කටයුතු ඉදිරියට ගෙන ගිය බවත්, විශේෂයෙන් ජාත්‍යන්තර ප්‍රජාව හා කටයුතු කිරීමේදී සංහිදියා ක්‍රියාවලිය අතිශයින් වැදගත් වන බවත්, ඔහු පැවසීය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල උසස් නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ වන විට විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ලබන ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ඊයේ (12) දිවුරුම් දුන්නේය. ඔහු මීට පෙර 2020 වසරේ සිට 2022 දක්වා කාලය තුළ ද අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.