Home » ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට අනුමැතිය

ඉඟුරු මෙට්‍රික් ටොන් 3000ක් ආනයනයට අනුමැතිය

by yasara
August 13, 2024 1:46 pm 0 comment

ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මත පදනම්ව එම අනුමැතිය හිමි වී ඇත.

ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට ජුලි 15 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT