Tuesday, April 22, 2025
Home » වතු ජනතා සිහිනය සැබෑ කළ ජනපතිට පූර්ණ සහාය දෙනවා

වතු ජනතා සිහිනය සැබෑ කළ ජනපතිට පූර්ණ සහාය දෙනවා

- මන්ත්‍රී වඩිවේල් සුරේෂ්

by sachintha
August 13, 2024 1:27 am 0 comment

වතු ජනතාවගේ වැටුප්, ඉඩම් සහ රැකියා සිහිනය යථාර්ථයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා වතු කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහාය ලබා දෙන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා පැවැසීය. වතු ජනතාව වෙනුවෙන් කළගුණ සැලකීම සඳහා ලක්ෂ 17ක් වන වතු ජනතාව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක් වන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ බම්බලපිටිය ලෝරිස් පටුමගේ පැවැති එක්ව ජයගමු මාධ්‍ය හමුවට ඊයේ (12) එක් වෙමිනි.

අද දිනය ලක්ෂ 17ක් වන මගේ සහෝදර වතු ජනතාවට වැදගත් සහ සතුටුදායක දවසක්. වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ පසුගිය වසර තුනක් පුරාම විවිධ කතා විවිධ තීන්දු ගත්තා. පඩි පාලක සභාව ගැසට් නිකුත් කළා. පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවේ පිටත් වාද විවාද ගොඩක් ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය තෙක්ම ගියා. අපි ඒවාට ඉදිරිපත් වුණා. අද කම්කරු අමාත්‍යාංශය කම්කරු කාර්යාලය කම්කරු කොමසාරිස්වරයාගේ නායකත්වයෙන් වතු වෘත්තිය සමිති වතු හාම්පුතුන්ගේ සංගම් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව පඩි පාලක සභාව පැවැත් වුණා. එහිදී අපි මෙතෙක් කල් බලාපොරොත්තු වූ රු.1700ක වැටුප දෙන්න එකඟතාවකට ආවා. 1350ක් මූලික වැටුපක්. ඊට අර්ථ සාධක අරමුදල සහ සේවක භාර කාර අරමුදලට අයත් වෙනවා. ඒ වගේම ග්‍රැටිවිටිවලටත් එකතු වෙනවා. රුපියල් 350ක් ලැබෙන්නේ දිරි දීමනාවක් වශයෙන්. මේ දෙකම එකතු වුනාම රුපියල් 1700ක් වෙනවා. වැටුප් වැඩිවීමට ඡන්දයක් පවා පැවැත්වුණා. වැඩි ඡන්ද 8න් එය සම්මත වුණා. මේ සඳහා සහාය දුන් හිටපු කම්කරු ඇමැති මණූෂ නානායක්කාර මහතාට විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා යැයිද කීවේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT