Tuesday, April 22, 2025
Home » ඊශ්‍රායලයට පහරදීම ගැන ඉරාන ජනපති සහ හමුදාව මත දෙකක

ඊශ්‍රායලයට පහරදීම ගැන ඉරාන ජනපති සහ හමුදාව මත දෙකක

by sachintha
August 12, 2024 1:12 am 0 comment

හමාස් නායකයා ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්වීම මත ඊශ්‍රායලයට පහර දීම සම්බන්ධව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හා එරට විප්ලවීය ආරක්ෂක හමුදාව මත දෙකක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයට පහර දිය යුතු බවට ඉරාන අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි කළ ප්‍රකාශයට අනුව ඊශ්‍රායලයේ ටෙල් අවීව් ඇතුළු නගර ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කළ යුතු බව එරට විප්ලවීය හමුදාවේ අදහස වුවද, ඉරාන ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත්තේ කලාපයේ යුද අර්බුදයක් මතු වීම වළක්වමින් මොසාඩ් ඔත්තු සේවා කාර්යාල ස්ථාපිත කර ඇති එම කලාපයේ රහසිගත ස්ථාන වෙත පහර එල්ල කළ යුතු බවය. හෙස්බුල්ලා සංවිධානය හා එක්ව එකම මොහොතක ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඉරාන විප්ලවීය හමුදාවේ තීරණය වි ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT