Monday, April 21, 2025
Home » එලි­යාන්ස් ගුවන් සමා­ගම චෙන්නායි-යාප­නය ගුවන් වාර 500 සපුරයි

එලි­යාන්ස් ගුවන් සමා­ගම චෙන්නායි-යාප­නය ගුවන් වාර 500 සපුරයි

by damith
August 10, 2024 1:19 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

ඉන්දි­යාවේ එලි­යාන්ස් ( Alliance ) ගුවන් සමා­ගම චෙන්නායි හා යාප­නය අතර 500 වෙනි ගුවන් ගමන පෙරේදා (08) සම්පූර්ණ කරනු ලැබීය.

මේ නිමි­ත්තෙන් චෙන්නායි සිට පැමිණි එලි­යාන්ස් ගුවන් සේව­යට අයත් ගුවන් යානයේ කාර්ය මණ්ඩ­ලය හා යාප­නය ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ කාර්ය මණ්ඩ­ලය විසින් ඉතා චාම් උත්ස­ව­යක් පවත්වා කේක් ගෙඩි­යක් කප­මින් 500 වෙනි ගුවන් ගමන සම­රනු ලැබීය. මේ වන විට එම සමා­ගම විසින් යාප­නය හා චෙන්නායි අතර මඟීන් 50000කට වැඩි සංඛ්‍යා­වක් ප්‍රවා­හ­නය කොට ඇති බවත් මේ වසරේ ඉදිරි මාස කිපය ඇතු­ළත තවත් මඟීන් ඊට සමාන සංඛ්‍යා­වක් රැගෙන එමට සැල­සුම් කොට ඇති බවත් මේ අව­ස්ථා­වේදී එලි­යාන්ස් ගුවන් සමා­ගමේ ප්‍රධා­නීන් පැව­සූහ.

2019 ඔක්තෝ­ම්බර් 17 වැනිදා මෙරට තෙවැනි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ ලෙසට පලාලි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ විවෘත වූ නමුත් කොරෝනා සම­යේදී ගුව­න්තො­ටු­පළ වසා දැමී­මෙන් පසුව යළි එම ගුවන් ගමන් ආරම්භ වූයේ 2022 දෙසැ­ම්බර් 12 දිනයි.

එදා සිට මේ දක්වා ඉන්දි­යාවේ එලි­යාන්ස් (Alliance) ගුවන් සමා­ග­මට අයත් යානා­ව­ලින් ගුවන් ගමන් වාර 500ක් සම්පූර්ණ කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT