Wednesday, April 23, 2025
Home » චූල කල්ලි­වා­දය

චූල කල්ලි­වා­දය

by damith
August 10, 2024 1:00 am 0 comment

පාකි­ස්තා­නයේ සිටින අන්ත­වාදී කණ්ඩා­ය­මක් වූ ජම­යිතේ ඉස්ලාම් නම් සංවි­ධා­නය රාව­ල්පිණ්ඩි නග­රයේ විරෝ­ධ­තා­වක් ආරම්භ කර ඇත්තේය. රැඩි­කල් දේශ­පා­ලන බල­වේ­ග­යක් වන එහි ජ්‍යෙෂ්ඨ නාය­ක­ වන අමීර් හෆිස් මේ කට­යුත්ත රාව­ල්පිණ්ඩි වෙත පම­ණක් පිඬු කළේ නැත. හෙතෙම යන රැල්ල බලා, පාරේ සිට ආණ්ඩු පෙර­ළන සෙල්ල­මක් බවට මේ කට­යුත්ත පත් කර ගැනී­මට වෙහෙස වන්නේය. ශ්‍රී ලංකාවේ අත්දැ­කීම සහ බංග්ලා­දේ­ශයේ ඊයේ පෙරේදා තත්ත්වය බලන කල්හි ආණ්ඩු­ක­ර­ණයේ, පළමු මෙහෙය විය යුත්තේ පාරේ යන විරෝ­ධතා පාල­නය කර ගැනී­මය.

ගෝඨා­භය රාජ­පක්ෂ රටේ ජනා­ධි­පති ලෙස පත් වන්නේ ලක්ෂ හැටනව­යක් ඡන්ද ලබා­ගෙ­නය. ඔහුගේ ව්‍යව­ස්ථා­දා­යක බලය තුනෙන් දෙකේ මට්ටමේ විය. එහෙව් ආණ්ඩු­වක් මුණින්තලා වට්ට­වන ලද්දේ, මහ පාරේ විරෝ­ධ­තා­ක­රු­වන්ගේ දේශ­පා­ල­නය විසිනි. සියල්ල සඳහා මාස තුනක් පමණ ගත වන්නට ඇත. අග­න­ග­රය ආශ්‍රි­තව පරි­පා­ල­නය වට්ට­වන ලද්දේ නම් ආණ්ඩුව සුන් බව මේ විරෝ­ධතා හි උපා­ය­මා­ර්ග­යය.

බංග්ලා­දේ­ශයේ හසීනා පාල­නය පිට පිට සිව්ව­රක් එරට බලය, ඡන්ද­යෙන් ලබා ගත්තේය. හසීනා 1996 වස­රේදී බහු­පක්ෂ මැති­ව­ර­ණ­ය­කින් ප්‍රථම වරට බල­යට පත් විය. 2001 මැති­ව­ර­ණ­යේදී, ඛලීඩා ෂියා නාය­ක­ත්වය දෙන ලද බීඑන්පී පක්ෂ­යට හසීනා පරා­ජය වූවාය. බෙගම් හටන ලෙස හඳු­න්වන, බංග්ලා­දේ­ශයේ මෑත කාලීන දේශ­පා­ල­නය පක්ෂ ක්‍රමය මත, මැති­ව­රණ අපේ­ක්ෂ­ක­ත්වය ප්‍රධාන ලෙස ක්‍රියා­ත්මක වුවකි. ‘බෙගම්’ යන වච­නයේ අර්ථය වන්නේ ප්‍රභූ මට්ටමේ මුස්ලිම් කාන්තා­ව යන්නය. මේ දෙදෙනා විවි­ධා­කාර මට්ටම් හි එරට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පව­ත්වා­ගෙන ගියේය. මර්ද­නය ආදී චෝදනා ගොනු වුවද, සම­ස්ත­යක් ලෙස එරට මැති­ව­රණ සිති­යම කාල රාමු අනු­කූ­ලව පව­ත්වනු ලැබීය.

එසේ තිබූ දේශය, පාරට බට කල්ලි­යක වැට­ලීම් හමුවේ දැන් අලුත් දේශ­පා­ලන ලතා­ව­කට පැද්දෙ­න්නේය. ඡන්දය මිස අන් ආකාර කුම­න්ත්‍රණ මඟින් රටක පාලන බලය ලබා ගැනීම සපුර ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ බෙල්ලට පිහිය තැබී­මකි. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවේ­ශය මඟින් බලය ලබා ගත් කණ්ඩා­ය­මක් හෝ පුද්ග­ල­යෙක් වෙත එම බලය අහිමි කළ හැක්කේ ද ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවේ­ශ­යක් අනු­වය. ඒ මිස පාරට බැස, නගර වටලා ඡන්ද­යෙන් ලබා ගත් පාලන බලය අහිමි කළ නොහැ­ක්කේය. ශ්‍රී ලංකාවේ සහ බංග්ලා­දේ­ශයේ අත්දැ­කීම් අනුව ඡන්ද­යෙන් පත්වූ දේශ­පා­ලන නාය­ක­යන් සහ කණ්ඩා­යම් කිසිදු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවේ­ශ­ය­කින් තොරව බල­යෙන් පහ­ක­රන ලද්දේය.

ඊළ­ඟට මේ සඳහා පිටිය සැක­සෙන්නේ පාකි­ස්තා­නයේ බව දැන් ලැබෙන සිග්නල් අනුව පෙනී යන්නේය. දැන­ට­මත් ඒ සඳහා වූ විරෝ­ධතා ඇතිව තිබේ. ඉරිදා දිනයේ ලාහෝර් හි, මහ ඇමැති නි‍ෙවසේ පිටත, විරෝ­ධ­තා­වක් සහ අගෝස්තු 12 වන දින පෙෂා­වර් හි තවත් විරෝ­ධ­තා­වක් පැවැ­ත්වීම සඳහා දැන් කට­යුතු සූදා­නම් කර ඇත්තේය.

මේ ගණයේ විරෝ­ධතා සෙල්ල­මක් සඳහා අවශ්‍ය උප­රි­මය පනස් දාහකි. ඒ ප්‍රමා­ණයේ ජන ගඟක් ගෙන්වා ගත් සැණින්, හැට නව­ල­ක්ෂ­යක් ඡන්ද ලබා ගත් පාලන බලය හාන්සි කළ හැක්කේය. මැති­ව­රණ ආදිය සඳහා දරන ලද විය­දම් අප­තේය. පාර්ලි­මේ­න්තුව ආදී නීති පන­වන ආය­තන වතු­රේය. දඬු­වම් ආදිය ගැන තීරණ ගනු ලබන්නේ අධි­ක­ර­ණය නොවේ. ගැටව් කිහිප දෙනකි. බංග්ලා­දේ­ශයේ සිදු වෙන බවට සමාජ මාධ්‍ය­යෙන් පළ­වෙන සම­හර දෑ දකින කල්හි ඇඟ හිරි වැටෙ­න්නේය.

සම­හර සිදු­වීම් ශ්‍රී ලංකා­වට සර්ව ආකා­ර­යෙන් සම්‍ය­යක් වන්නේය. අග­මැති මන්දි­රයේ නටන ලද පිස්සුව සහ ජනා­ධි­පති මන්දි­රයේ රැඟුම එක­සේය. මෝටි­වේ­ෂන් අප්පච්චි නම් මේ චරි­තය සේ එහි ද අයෙක් සිටි­යේය. ජාතික කොඩිය හැම වැඩේම මුලට එන්නේය. පොර­වා­ගෙන යන්නේ ද ජාතික කොඩි­යය. ඒ සියල්ල කරේ දමා­ගෙන රාජ්‍ය සම්පත් ආදී සියල්ල කොල්ල­කා­ගෙන ගෙදර අර­ගෙන යන්නේය.

පාල­ක­යාගේ චෞර­භා­වය සම්බ­න්ධ­යෙන් චෝදනා නඟන්නා වූ පිරිස, හැසි­රෙන්නේ මේ ආකා­ර­ය­ටය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සම්බ­න්ධ­යෙන් ළතෝනි දෙන පිරිස උල්ලං­ඝ­නය කර­න්නේම ජනතා පර­මා­ධි­ප­ත්‍ය­යය. එතැ­නින් එහාට ගොස් බංග්ලා­දේ­ශයේ මධ්‍යම පාන්තික නිවාස කොල්ල­යක් සිදු­වෙන බවට ආරංචි දැන් පළ­ ව­න්නේය. මේ ආකා­ර­යට විටින් විට සිදු­වීම යනු, ඡන්ද­යක් සඳහා යන විය­දම වතුරේ දැමී­මකි. ඡන්ද බලය යනු ජනතා පර­මා­ධි­පත්‍ය නිරූ­ප­ණය කරන තෙවැ­දෑ­රුම් සාධක අත­රින් එකකි. එය රාජ්‍ය­යයේ සමස්ත තීර­කයා බලය නිරූ­ප­ණය කර­න්නේය. එවන් වර­ණ­යක් සඳහා අව­ස්ථාව සලසා දීම සමස්ත ජන මතයේ නියෝ­ජ­න­යක් වන්නේය.

එසේ තිබි­යදී පාතාල දේශ­පා­ලන කල්ලි­යක් රටේ පාල­නය සඳහා බල­හ­ත්කා­ර­ක­මක් සිදු කරනා කල්හි ජන­තාව දැන ගත යුත්තේ මේ අකුල් හෙළන්නේ තමන්ගේ බල­යට බවය.

ඡන්ද­යෙන් තම මතය දිනාගත නොහැකි සක්කා කෑලි මේ ආකා­ර­යෙන් රඟ දක්වන්නේ දේශ­පා­ලන විග­ඩම්ය. ඒවාට සහාය සඳහා විපක්ෂ දේශ­පා­ලන කණ්ඩා­යම් ද සැදී පැහැදී එන්නේය. ළඟ බලා ඒ ආකා­ර­යට ඡන්ද බල­යට හානි කළ කල්හි, ඊළඟ වටයේ තමා බල­යට පත්වූ විට ද මේ වටය කැරකී එන්න බව විප­ක්ෂය දැනගත යුත්තේය. බහු පක්ෂ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ක්‍රියා­ත්මක වන රටක වසර පහෙන් පහට බල හුව­මා­රුව සඳහා අව­ස්ථාව ලැබෙ­න්නේය. අම­තර වශ­යෙන් දෝෂා­භි­යෝග, විශ්වා­ස­භංග ආදී විකල්ප රැසක් ඇත්තේය. ඒ මිසක මහ පාරට චූල කල්ලි­යක් බස්සවා, ෂෝට් කට් ක්‍රම­වේ­ද­යන් ඔස්සේ පාල­කයා වෙනස් කරන ක්‍රම සඳහා සමා­ජ­යක් ලෙසම අප ඉඩ නොතැ­බිය යුත්තේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT