Wednesday, April 23, 2025
Home » පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී නව ශාඛාව පුදුකුඩිඉරුප්පු හිදී විවෘත වේ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී නව ශාඛාව පුදුකුඩිඉරුප්පු හිදී විවෘත වේ

by damith
August 10, 2024 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුදල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි නවතම ශාඛාව 2024 ජූලි 12 දින පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙම නව ශාඛාව අංක 10, මුලතිවු පාර, පුදුකුඩියිරුප්පු යන ස්ථානයෙහි විවෘත කරන ලදි. මෙම ශාඛාව මඟින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට එම ප්‍රදේශයේ ජනතාවට හැකියාව ලැබෙනු ඇත.

මේ වන විට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම උතුරු පළාතේ ස්ථාන 8ක, එනම් කොඩිකාමම්, කිලිනොච්චි, චුන්නාකම්, යාපනය, වවුනියාව, මන්නාරම, නෙල්ලිඅඩි සහ පුදුකුඩියිරුප්පු යන ස්ථානවල ශාඛා පිහිටුවා තිබේ.

පුදුකුඩිඉරුප්පු ශාඛාව විවෘත කිරීමට සමගාමීව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ප්‍රජා සත්කාරයක් වශයෙන් මුල්ලිවයික්කාල් කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 50 දෙනෙකුට පාවහන් සඳහා තෑගි වවුචර් ප්‍රදානය කරන ලදි. නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය නියෝජනය කරමින් එහි සභාපති ප්‍රදීප් අමිර්තනායගම්, ප්‍රධාන විධායක නිලධාරි උදේශ් ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ශාඛා ජාලය) මුතුලිංගම් කිරුපාකරන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සන්නාම හා සන්නිවේදන) රජීව් ඩේවිඩ් සහ පුදුකුඩිඉරුප්පු ශාඛාවේ කළමනාකරු රත්නසිංහම් කමල්රාජ් යන මහත්වරුන් මෙන්ම තවත් විශේෂ ආරාධිතයන්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ ගනුදෙනුකරුවන් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.

“නව ශාඛාව විවෘත කිරීමත් සමඟම අපගේ ශාඛා 110 ක් දිවයින පුරා ව්‍යාප්ත වී ඇත. පුදුකුඩිඉරුප්පු යනු උතුරු පළාතේ වේගයෙන් දියුණු වෙමින් පවතින ආර්ථික කේන්ද්‍රයක්. අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාමට කැමති ජනතාවක් මෙහි ජීවත් වෙනවා. ඔවුන්ට අපගේ ලීසිං, රන් ණය සේවා, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් සහ සෝලාර් ලීසිං ඇතුළු මූල්‍ය සේවාවන් රාශියක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම අපගේ ඉලක්කයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT