Home » 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද

17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද

by mahesh
August 9, 2024 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
ඔකිත, අභීත්, චනිරු සහ ජොශුවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද පැවැත්වේ.

කටුගස්තොට ශාන්ත අන්තෝනි ගල්කිස්ස සාන්ත තෝමස්

කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර තරගය තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඔකිත ප්‍රනාන්දු සාන්ත අන්තෝනි පිලට නායකත්වය දෙන අතර, අභීත් පරණවිදාන සාන්ත තෝමස් පිල මෙහෙයවයි.

මහනුවර ත්‍රිත්ව 
බම්බලපිටිය සාන්ත පීතර

මහනුවර ත්‍රිත්ව විදුහල සහ බම්බලපිටිය සාන්ත පීතර විදුහල අතර තරගය පන්නිපිටිය ධර්මපාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහිදී ත්‍රිත්ව පිල චනිරු සේනාරත්න විසින් ද සාන්ත පීතර පිල ජොශුවා සෙබස්තියන් විසින් ද මෙහෙයවනු ලබති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT