121
හංවැල්ල මීසමේ පහළ හංවැල්ල ස්වර්ගාරෝපිත දෙව්මැදුරේ 159 වන වාර්ෂික මංගලෝත්සවය වෙනුවෙන් කොඩි ගස එසවීම හංවැල්ල මීසම් සේවක ගරු තරංග සම්පත් පෙරේරා පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ඉන් අනතුරුව හංවැල්ල ග්‍රාමයේ මියගිය සැදැහැවතුන් සිහි කරමින් දිව්‍ය පූජාව දෙව්මැදුරේදී පැවැත්වුණි.
දේව මෙහෙය අවසානයේ සැදැහැවතුන් විසින් ගෙනෙන ලද ආහාර ආශීර්වාද කිරීම මීසම් සහායක පියතුමන් විසින් සිදු කෙරුණි. ඉන් අනතුරුව එම ආහාර පැමිණ සිටි ජනතාවට පිළිගැන්වීම සිදු කෙරුණි.
එම අවස්ථාවට හංවැල්ල මීසම් සේවක ගරු තරංග සම්පත් පෙරේරා, මීසම් සහායක ගරු හර්ෂ දිනෙත් රාජකරුණා පියතුමන්ද හංවැල්ල කිතුණු ජනතාව ද සහභාගි වූහ.