ජාත්‍යන්තර කළමනාකරණ විශ්වවිද්‍යලයේ (IMD කැම්පස් පෞද්ගලික) මඟින් මාර්ග ගත තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලද සිසු සිසුවියන් 300කට ඩිප්ලෝමා සහතික ප්‍රදානය පසුගිය දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විනි.
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය මෙන්ම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා සහතික මෙහිදී ප්‍රදානය කෙරුණි.
IMD කැම්පස් අයතන කළමනාකාර අධ්‍යක්ෂ සුමිත් සෙනෙවිරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මඟින් මෙය සංවිධානය කර තිබිණි. මෙහිදී සහතික ප්‍රදානය කැලණිය විශ්වවිද්‍යලයේ මහාචාර්ය කේ.ඒ.එස්. ධම්මික, මහාචාර්ය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිමාලි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් අතින් සිදුකෙරිණි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ / උසස් පෙළ හැදෑරූ සිසු සිසුවියන්ට ආයතනයට සහභාගිවීමෙන් අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව ඇත.