Home » ලොරියේ ගැටුණු යතුරුපැදිය මහමඟ පෙරළී ගැබිනි මව මරුට

ලොරියේ ගැටුණු යතුරුපැදිය මහමඟ පෙරළී ගැබිනි මව මරුට

by mahesh
August 9, 2024 1:00 am 0 comment

දෙහිවල - ඩී.පී. හේරත්
women-dead

මොරටුව ප්‍රධාන ගාලුපාර ඕ.එල්.බී. හන්දියේදී ලොරියක යතුරුපැදියක් ගැටී එහි ගමන් කළ ගැබිනි මවක මියගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පාණදුර කෙසෙල්වත්ත පදිංචිව සිටි 32 හැවිරිදි ගැබිනි මවකි.

මෙම අනතුර ඉකුත් 6 වැනිදා පස්වරුවේ සිදුවී ඇති අතර, පාණදුර දෙස සිට පැමිණි ලොරි රථයේ එම දෙසටම ගමන් කරමින් තිබූ යතුරුපැදියේ හැඬලය ලොරි රථයේ බඳේ ගැටීමෙන් යතුරුපැදිය පාලනය කරගත නොහැකිව පිටුපස සිටි ගැබිනි මව මාර්ගයට වැටී ලොරි රථයට යටවී ඇති අතර යතුරුපැදිකරු හා දියණිය අනෙක් පසට වැටී තුවාල ලබා සිටියදී පොලිසිය හා අසල සිටි පිරිස් විසින් පාණදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ මොරටුව මූලස්ථාන පොලිසිය මඟින් සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT