මේ වසරේ පළමු මාස 6 තුළ ළමා අපයෝජන පිළිබඳ සිදුවීම් 4,172ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අධ්‍යක්ෂ, නීතිවේදි ශානිකා මලල්ගොඩ මහත්මිය ප්‍රකාශ කළාය.
කොළඹින් 434ක්, ගම්පහින් 385ක්, අනුරාධපුරයෙන් 257ක්, කුරුණෑගලින් 299ක්, ගාල්ලෙන් 268ක් ආදි ලෙස මේ පැමිණිලි ලැබී ඇති අතර, ඒ මහත්මිය දිනමිණට ඊයේ (8) සඳහන් කළේ ඒ පැමිණිලි පිළිබඳ සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව එකී ළමා අපයෝජකයන්ට එරෙහිව කටයුතු කරන බවයි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු දත්තවලට අනුව 2024 ජනවාරි 1 දින සිට ජූනි 30 දින දක්වා කාලය තුළ අධිකාරියට ලැබුණු ළමා අපයෝජන සිදුවීම් පිළිබඳ පැමිණිලි අතුරින් සිදුවීම් 86ක් පිළිබඳ දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග අවසන් කර ඇති බවද ඇය පැවසුවාය.