Home » නුවර සීමාවේ සියලු සුරාසල් හෙට සිට දින 10ක් වැසේ

නුවර සීමාවේ සියලු සුරාසල් හෙට සිට දින 10ක් වැසේ

by mahesh
August 9, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් හෙට (10) සිට පුරා දින එකොළහක් මහනුවර නගර සීමාවේ සහ ඒ ආසන්නයේ පිහිටි මත්පැන් අලෙවිසල් සියල්ල වසාදැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

පෙරහර වීදි සංචාරය කරන 10 වැනිදා සිට දවල් පෙරහර පවත්වන 20 වැනිදා දක්වා මත්පැන් අළෙවි සැල් වසා තැබෙන අතර මෙම කාලසීමාවේ දී හෝටල් සහ අවන්හල වල මත්පැන් විකිණීමට මෙන්ම මත්පැන් පානය සඳහා අවසර දීමටද නොහැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මෙයට අමතරව මේ කාල සීමාවේදී මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ පිහිටි මස් හා මාළු අලෙවිසල්ද වසාදමන ලෙස මහනුවර මහා නගර සභාව දැනුම් දී තිබේ. මහනුවර නගරයේ යාචකයන් සහ අයාලේ යන සුනඛයන්ද ඉවත් කිරීමට නගර සභාව පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT