මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කොට සිටි චාවකච්චේරි රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි එස්. අර්ජුනා ඇප මත නිදහස් කිරීමට මන්නාරම මහේස්ත්‍රාත්වරයා පෙරේදා (07) පියවර ගෙන තිබේ. එම වෛද්‍යවරයාට එරෙහිව නඩු විභාගයක් ඔක්තෝබර් මස 03 වැනිදා පැවැත්වීමටද නියමිතය. එම වෛද්‍යවරයා මහ රාත්‍රියේදී මන්නාරම රෝහලට ඇතුළු වී එහි සිටි වෛද්‍යවරුන් සමඟ මතභේදයක් ඇති කරගෙන පසුව ඔවුන්ට පහරදීමට උත්සාහ කොට තිබේ.
ඔහු රාත්‍රියේදී මන්නාරම රෝහලේ කාන්තා වෛද්‍ය නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතළු වීමටද උත්සාහ කොට තිබේ. වහාම මේ පිළිබඳව වෛද්‍යවරුන් මන්නාරම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
පසු දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වෛද්‍යවරයා බන්ධනාගාරයේ ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාරය තුළ මහත් කලබලයක් ඇති කිරීමටද පටන් ගෙන තිබුණි.
ඔහු චාවකච්චේරි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී ද උතුරේ සෞඛ්‍ය බලධාරීන් සමඟ ගැටුම් ඇති කරගෙන පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පළාතේ මහජනතව රෝහල් භූමියට කැඳවා පොලිස් රාජකාරිවලට බාධා කළේය.