Tuesday, April 22, 2025
Home » ගජමුතු තුනක් කෝටි පහකට විකිණීමට ගිය තරුණයෝ 4ක් අත්අඩංගුවට

ගජමුතු තුනක් කෝටි පහකට විකිණීමට ගිය තරුණයෝ 4ක් අත්අඩංගුවට

by mahesh
August 9, 2024 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

රුපියල් කෝටි පහකට විකිණීමට ගිය ගජමුතු තුනක් සමඟ එය අලෙවි කිරීමට ගිය තරුණයන් සිව්දෙනෙකු ගුවන් හමුදා බුද්ධි නිලධාරීයාගේ බුද්ධි තොරතුරකට අනුව වනජීවි හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒකාබද්ධව කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ පුත්තලම බෝධිරාජපුර හා අට්ටවිල්ලව පදිංචිකරුවන් දෙදෙනකු සමඟ වනාතවිල්ලුවේ පදිංචි අවුරුදු 24, 32, 40 වයස් සීමාවල පසුවන සැකකාර තරුණයන් සිව්දෙනෙකි. රුපියල් කෝටි පහකට ගජමුතු තුනක් විකිණීමට ඇති බව ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඒ ඔස්සේ සැක නොසිතන අයුරින් ගුවන් හමුදා උපායදූතයන් යොදවමින් අදාළ ගජමුතු මිලදී ගන්නා මුවාවෙන් මේ ජාවාරම අල්ලා ගැනීමට වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු බව කියන අට්ටවිල්ලුව බෝධිරාජපුර පදිංචි විදේශ රටවලින් රුපලාවණ්‍ය දෑ ආනයනය කරන බවත් ඔහු මේ ජාවාරමට කෙළින්ම සම්බන්ධ ප්‍රධානියා බවත් කියයි.

ඔහුට මෙම ගජමුතු තුන වනාතවිල්ලුවේ සිටින මාමා කෙනෙකු විසින් කෝටි පහකට අලෙවි කරල ඔහුට කෝටි දෙකක් ලබා දෙකක් ලබාදී ඉතිරි කෝටි තුන බෙදා ගන්නා ලෙස දන්වා තිබු බව කියයි.

අදාළ තොරතුරට අනුව ගුවන් හමුදා බුද්ධි නිලධාරීන් කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට තොරතුර ලබාදී තිබු අතර වනජීවි නිලධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් අදාළ වැටලීම සිදුකර තිබුණි.

එහිදී ගජමුතු තුන සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුව තිබුණි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අදාළ වැටලීමට කරුවලගස්වැව අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතාගේ දුරකතන පණිවිඩ මෙහෙයවීම මත වන සත්ත්ව අඩවි ආරක්ෂක ආර්.එම්.පී.පී.කේ.බී.බණ්ඩාර,වන සත්ත්ව අඩවි සහකාර ජී.ජේ.වී.එන්. වික්‍රමසිංහ, වන සත්ත්ව නියාමක ජේ.ඩී.එම්. වනසිංහ, ක්ෂේත්‍ර සහායක යු.ජී.ඒ.සී.දිසානයක,සිවිල් ආරක්ෂක භට එම්.ඒ.එස්.සැනි,රියැදුරු ඩී.ඩී.එස්.පී.දිසානායක නිලධාරීන් එක්ව තිබුණි.

අදාළ වැටලීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී නිශේෂ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රාදේශීය අණදෙන නිලධාරී කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර මහතාගේ මැදිහත්වීමෙන් උප පොලිස් පරීක්ෂක කේ.ටී.ටී.එච්.කරුණාරත්න, පොලිස් සැරයන් (8380) ගමගේ, (39898) කුමාර,පොලිස් කොස්තාපල් (93093) සෝමරත්න, (90719) විජේසිරි, නිලධාරීන් මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT