වෛද්‍ය අසංක චින්තක ප්‍රනාන්දු ප්‍රමුඛ CHE Group ඉදිරිපත් කරන EARTH’S SYMPHONY මිහිමවගේ ගීතය – තෙවැනි ඇසින්’ ඡායාරූප ප්‍රදර්ශනය අද (09) පෙරවරු 10ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ හැරල්ඩ් පීරිස් ගැලරියේදී ආරම්භ වේ. එළැඹෙන 11 වැනි ඉරුදින දක්වා දින තුනක් පෙරවරු 10 සිට රාත්‍රි 7 දක්වා පැවැත්වෙන මේ ප්‍රදර්ශනයට CHE Group සාමාජිකයන් 25 දෙනකු විසින් ඉදිරිපත් කරන ඡායාරූප 100කට අධික ප්‍රමාණයක් ඇතුළත් කර ඇත. දශක දෙකකට වැඩි කාලයක් CHE කණ්ඩායම යාල ජාතික උද්‍යානය ඇතුළු දිවයිනේ ප්‍රකට වන රක්ෂිත තුළ ගත කරමින් තම ග්‍රහණයට නතු කර ගන්නා ලද ඡායාරූප මෙසේ ප්‍රදර්ශනයට එක් කර ඇති බවත්, ඉතා දුලබ ඡායාරූප රැසක් මෙහිදී දැක බලා ගත හැකි බවත් වෛද්‍ය අසංක චින්තක ප්‍රනාන්දු ප්‍රමුඛ CHE Group පවසයි.
EARTH’S SYMPHONY ‘මිහිමවගේ ගීතය තෙවැනි ඇසින්’ ඡායාරූප ප්‍රදර්ශනය අද සිට ලයනල් වෙන්ඩ්ට්හිදී
by mahesh
August 9, 2024 1:00 am
0 comment
132