Home » ZeroPlastic Movement සහ Mark and Comm අත්වැල් බැඳ ගනියි
ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය මැඬලීම වෙනුවෙන්

ZeroPlastic Movement සහ Mark and Comm අත්වැල් බැඳ ගනියි

by mahesh
August 9, 2024 1:00 am 0 comment

ස්වේච්ඡා සේවකයින් 9,000කට වැඩි ප්‍රමාණයකින් සැදුම්ලත් ශ්‍රී ලංකාවේ දැවැන්තම පරිසර ආරක්ෂණ ජාලයවන ZeroPlastic Movement, කොළඹ කේන්ද්‍රකරගත් ප්‍රමුඛතම මහජන සබඳතා ආයතනයක් වන Mark and Comm සමාගම සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

අධ්‍යාපනය සහ උපදේශනය හරහා ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීම වෙනුවෙන් කටයුතු කරන ZeroPlastic Movement සමඟ විශ්වවිද්‍යාල, පෞද්ගලික ආයතන, පාසල් ආදී විවිධ සංවිධාන නියෝජනය කරන ස්වේච්ඡා සේවකයින් දහස් ගණනක් එක්ව සිටියි. 2023 වසරේදී දියත් කරන ලද ZeroPlastic ගංගා ඉවුරු පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ZeroPlastic සංවිධානයට මේ වසරේ ජාතික සම්මානයක් ද හිමිවිය.ඉකුත් අගෝස්තු 3 වැනිදා උගා රෙසිඩන්සිහිදී අත්සන් කරන ලද මෙම අවබෝධතා ගිවිසුම හරහා Mark and Comm සමාගම, ZeroPlastic Movement හි ක්‍රමෝපායික සන්නිවේදන සහකරු ලෙස පත්කරන ගෙන තිබේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට ZeroPlastic Movement හි නිර්මාතෘ නිශ්ශංක ද සිල්වා මහතා ද, Mark and Comm සමාගම නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තන්සිල් තජුඩීන් සහ අධ්‍යක්ෂිතා චාමනී නානායක්කාර මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT