Home » සහාය රනිල්ට එජාපයත් තීරණය කරයි

සහාය රනිල්ට එජාපයත් තීරණය කරයි

by mahesh
August 9, 2024 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරයි. ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (08) පස්වරුවේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන බැවින් ස්වාධීන අපේකෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පූර්ණ සහයෝගය දිය යුතු බවට මෙහිදී කෘත්‍යාධිකාරි මණ්ඩලය එකඟතාවකට පැමිණි බව පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ස්වාධීනව තරග කරමින් රට ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩසටහනට මේ වන විට සියලු දෙනාගේම කැමැත්ත හිමි වී ඇති බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT