Monday, April 21, 2025
Home » නැව් හදා ඇත්තේ නැංගුරම්ලා තබන්න නෙමෙයි

නැව් හදා ඇත්තේ නැංගුරම්ලා තබන්න නෙමෙයි

සටන අවසන් කරන්නේ ජයග්‍රහණයෙන්

by mahesh
August 9, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

නැවක් වරායේ නැංගුරම්ලා තබනතුරු සුරක්ෂිත නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර තිබේ. තමා අභියෝගය භාරගත් බවත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතිවන්ත වන බවත් ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.

එම ෆේස්බුක් ගිණුමේ මෙසේ ද සඳහන් කර තිබිණි.

නැවක් වරායේ නැංගුරම්ලා තබනතුරු එය සුරක්ෂිතයි. නමුත් ලෝකයේ නැව් නිර්මාණය කරන ලද්දේ වරායේ නැංගුරම්ලා තබන්නට නොවේ. මම අභියෝගය භාර ගනිමි. මේ සටන ඔබ සමඟ ජයග්‍රහණයෙන්ම අවසන් කරමි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මා කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතිවන්ත වෙමි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමේ නිල උත්සවය සඳහා පැමිණ, සුබ පැතූ සැමට හදවතින්ම ස්තූතියි යනුවෙන් ද එහි සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT