Wednesday, April 23, 2025
Home » කර්මාන්තකරුවන්ට මූල්‍ය සහන සහ දැනුම කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබා දෙනවා

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහන සහ දැනුම කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබා දෙනවා

-ඇමැති රමේෂ් පතිරණ

by sachintha
August 7, 2024 1:49 am 0 comment

කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන සහ තාක්ෂණික දැනුම, කර්මාන්ත අමාත්‍යාංශය මඟින් ලබා දී තිබෙන බව ඇමැති රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ පැවැසීය.

මෑතක සිට ණය තොරතුරු කාර්යාංශයේ(CRIB) නම් සඳහන් වූ කර්මාන්තකරුවන්ටද ණය සහන ලබා දීමේ වැඩසටහනක් ක්‍රියත්මක වුණා.

කොරෝනා සහ ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු කර්මාන්තකරුවන් අපහසුතාවයට පත් වූ බව අප පිළිගන්නවා. ආණ්ඩුව කර්මාන්තකරුවන් සඳහා මූල්‍ය සහන, ඉඩම් ලබාදීම සහ තාක්ෂණික දැනුම ලබා දෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය, විවිධ වාණිජ සහ පෞද්ගලික බැංකු හරහා විවිධ ණය යෝජනා ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය හරහා ස්මයිල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. මෑතකදී ක්‍රිබ් එකේ ඉන්න අයටත් මෙම ණය සහන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT