Tuesday, April 22, 2025
Home » කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයෝ 22ක් සමඟ යාත්‍රා දෙකක් නාවික හමුදා අත්අඩංගුවට

කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයෝ 22ක් සමඟ යාත්‍රා දෙකක් නාවික හමුදා අත්අඩංගුවට

by sachintha
August 7, 2024 1:44 am 0 comment

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් වනාතවිල්ලුව කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු කලාපයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 22 දෙනෙකු සමඟ යාත්‍රා දෙකක් පෙරේදා (05) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් කල්පිටිය විජය නාවික නෞකා ආයතනයේ නිලධාරීන් විසින් අදාළ ධීවරයින් කුදිරමලේ තුඩුව ආසන්නයේ මුහුදු කලාපයේ නීති විරෝධීව මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සමඟ දැල් ආම්පන්න උපකරණ රැසක් නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලාංකික ධීවරයින්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනීම දිගින් දිගටම සිදු කිරීම හේතුවෙන් වයඹ නාවික විධානයට අයත් නාවිකයින් විසින් සිදුකළ සෝදිසි කිරීම් වලින් ඉන්දීය ධීවරයින් මෙලෙස ශ්‍රී ලාංකිකයින්ගේ මත්ස්‍ය අස්වැන්න සොරා ගැනීම, මුහුදු සීමා උල්ලංඝනය කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීති විරෝධි කටයුතු මැඬපවත්වා මෙරට ධීවර ජනතාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදාව පවසයි.

මෙම ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම බටහිර නාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හා යාත්‍රා කල්පිටිය විජය නාවික නෞකා ආයතනයට රැගෙන ඒමෙන් පසු ඉදිරි පරීක්ෂණ සඳහා පුත්තලම ධීවර සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දීමට නියමිතව ඇත.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT