Home » හසීනා පැමිණියේ කෙටි දැනුම්දීමකින් පසුවයි

හසීනා පැමිණියේ කෙටි දැනුම්දීමකින් පසුවයි

-ඉන්දීය විදේශ ඇමැතිගෙන් ප්‍රකාශයක්

by sachintha
August 7, 2024 1:49 am 0 comment

බංග්ලාදේශයේ සිට ශෙයික් හසීනා ඉන්දියාවට පැමිණියේ කෙටි දැනුම්දීමක් පසුව බව ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අගමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රටින් පිට වූ ශෙයික් හසීනා ඉන්දියාවට ළඟා වූ බවට අන්තර්ජාලයේ පුවත් පැතිරී යෑම සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඇය සඳුදා පස්වරුවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව ප්‍රකාශ කළ ඉන්දීය විදේශ ඇමැතිවරයා ඊළඟ පියවර කවරේදැයි යන්න ප්‍රකාශ නොකළ බවත්, කෙතරම් කාලයක් ඉන්දියාවේ රැඳී සිටින්නේ දැයි පිළිබඳ ප්‍රකාශ නොකළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

බංග්ලාදේශයේ දේශසීමාවේ සිටින ආරක්ෂක සෙබළුන්ට අවධානයෙන් යුතුව සිටින ලෙස උපදෙස් දී ඇතැයිද, ඉදිරි පැය 24 ඇතුළත බංග්ලාදේශයේ සිදුවිය හැකි තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉන්දීය රජය බංග්ලාදේශයේ සිටින ඉන්දීය රාජ්‍යාතාන්ත්‍රිකයන්ට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT