Monday, April 21, 2025
Home » පුස්ඇලි ඔය හරහා ඉදිකෙරෙන පාලමේ වැඩකටයුතුවලට බාලගිරි දෝෂයක්

පුස්ඇලි ඔය හරහා ඉදිකෙරෙන පාලමේ වැඩකටයුතුවලට බාලගිරි දෝෂයක්

by sachintha
August 6, 2024 3:20 am 0 comment

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, අරුක්වත්ත ගනේගොඩ මාර්ගයේ පුස්ඇලි ඔය හරහා ඉදිකෙරෙමින් පවතින පාලමේ වැඩකටයුතු, බාලගිරි දෝෂයක් මෙන් විටින් විට අතරමඟ නවතිමින් පවතින බව ප්‍රදේශවාසීහු මැසිවිලි නගති.

මෙලෙස විටින් විට අතරමඟ නැවතුනු පාලමේ වැඩකටයුතු අවස්ථා කීපයකදී අතරමඟ නවතිමින් පසුව ආරම්භ කරමින් පැවති බවත්, මීට සතියකට පමණ ඉහත දී නැවත වාරයක් පාලමේ සංවර්ධන කටයුතු අතරමඟ නැවතී ඇතැයි ඔවුහු පවසති.

මේ නිසා හදිසියේ රෝගියෙකු රෝහලට ඇතුළත් කිරීමට, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට හෝ වෙනත් අවශ්‍යතාවකට ගමනක් යෑමට ත්‍රිරෝද රථයකින් වෙනත් මාර්ගයක් ඔස්සේ යෑමට විශාල මුදලක් ගෙවීමට සිදුවී ඇතැයි බොහෝ දෙනා පවසති. මෙවැනි තත්ත්වයක් මත අලුත් පාලම දෙස බලමින් ඒ මතින් යෑමට සිහින මවමින්, සකස් කර ඇති තාවකාලික අත්වැල් පාලම මතින් ගමන් කිරීමට තමන්ට සිදුවී ඇතැයි තවත් පිරිසක් පවසා සිටිති.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල කඩිනම් අවධානය යොමු කර මෙලෙස අතරමග නැවතී ඇති පාලමේ ඉදිරි සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ප්‍රදේශයේ ජනතාවට අපහසුතාවයකින් තොරව නව පාලම මතින් පිය නැඟීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති.

පාදුක්ක සමූහ

රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT