ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම හා තනතුරු යොදා ගනිමින් කිහිපදෙනකු විසින් පාක්ෂිකයන් රැවටීමෙහි යෙදී සිටින බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා පැවසීය. අගුණුකොළපැලැස්සේ පැවැති ශ්‍රීලනිප සාමාජික හමුවකදී ඒ මහතා මේ බව කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ නීතිමය බලය ඇත්තේ අපේ පිරිසටයි.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු නීත්‍යනුකූල අයිතියක් නැති දයාසිරි ජයසේකර සහ විජයදාස රාජපක්ෂ යන පුද්ගලයන් මෙම පක්ෂයේ මහලේකම් සහ සභාපති ලෙස පෙනී සිටිමින් සමගි ජන බලවේගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බව ප්‍රචාරය කරමින් සිටිනවා.
මොවුන් දෙදෙනාටම ගරු අධිකරණය මඟින් පක්ෂයේ කටයුතුවලට බාධා නොකරන ලෙස හා මැදිහත් නොවන ලෙසට නියෝග දී තිබෙනවා. එසේ තිබියදී අප පාක්ෂිකයන් නොමඟ හැරීම සඳහා මේ අයුරින් තනතුරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම භාවිත කිරීමට නීතිමය අයිතියක් ඔවුන්ට නෑ. එම නිසා මේ සම්බන්ධව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගරනීමට පියවර ගන්නවා යැයි කීවේය.
බුද්ධිකා ඉඹුලාන