අතුරුගිරියෙදී වසන්ත සුරේන්ද පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව්දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව අතුරුගිරිය පොලිස් ස්ථානය හා බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරන විමර්ශනවලින් මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු හඳුනාගෙන තිබේ.
මේ වන විට පලාගොස් සැඟවී සිටින එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
ඡායාරූපවල සිටින්නේ එම සැකකරුවන්ය. ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 072-4222223 අංකය අමතා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට හෝ 071-8591657 අංකය අමතා අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
රක්ෂණ ශ්‍රියන්ත, බණ්ඩාරගම – බිමල් ජයසිංහ