Sunday, April 20, 2025
Home » නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය හමුවක්

නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර ද්වීපාර්ශවීය හමුවක්

by yasara
August 5, 2024 3:38 pm 0 comment

නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද දින (05) වනදා වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණ.

මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සදහන් කලේ, වටිනා සංස්කෘතිකාංග හා ඉතිහාසයක් සහිත රටක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙන බවත්ය.

නවසීලන්තයේ සිටින විදෙස් ජනගහනය අතුරින් ශ්‍රී ලංකා නියෝජනය කරන පිරිස ඉහළ ශ්‍රම කුසලතාවයක් සහිත පිරිසක් වීම කොමසාරිස්වරයාගේ පැසසුමට ලක් විය.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බවයි.

විවිධ වෙළෙඳනාමයන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකරනවා වෙනුවට එක් නාමයක් භාණ්ඩ එකක් හෝ කිහිපයක් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ සුවිශේෂීකරණය වීමේ වැදගත්කමද මහ කොමසාරිස්වරයා සදහන් කරන ලදී.

වෙළෙඳ, අධ්‍යාපන, කිරි කර්මාන්තය හා ක්‍රීඩා යන අංශයන් ආශ්‍රිතව දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා පුළුල් කිරීම පිළිබදවද සාකච්ඡා විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT