Tuesday, April 22, 2025
Home » දේශීය ණය සහ සංව­ර්ධන අර­මු­ද­ලින් ව්‍යාපෘති 50කට මිලි­යන 1220ක්

දේශීය ණය සහ සංව­ර්ධන අර­මු­ද­ලින් ව්‍යාපෘති 50කට මිලි­යන 1220ක්

by damith
August 3, 2024 12:55 am 0 comment

මැද­කො­ළඹ සමූහ - ගනේ­ගොඩ

රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය යටතේ ඇති දේශීය ණය සහ සංව­ර්ධන අර­මු­දල මඟින් රටේ පළාත් පාලන ආය­තන 45කට රුපි­යල් මිලි­යන 1220ක් වටිනා ව්‍යාපෘති 50ක් සඳහා මූල්‍ය පහ­සු­කම් සැප­යීම පසු­ගි­යදා උත්ස­වා­කා­ර­යෙන් ලබා දුන් බව දේශීය ණය සහ සංව­ර්ධන අර­මු­දලේ අධ්‍යක්ෂ කේ.ඩී. චිත්‍ර­පාල මහතා ‘දින­මිණ’ට පැව­සීය.

මේ ව්‍යාපෘ­ති­ව­ලින් ව්‍යාපෘති 80ක් ද, පළාත් පාලන ආය­ත­න­ව­ලට අයිති ගොඩ­නැ­ඟි­ලි­වල වහ­ලය මත සවි­ක­රන ලද හිරු එළි­යෙන් පුන­ර්ජ­න­නීය බල­ශක්ති නිෂ්පා­ද­නය කරන ව්‍යාපෘති වීම කැපී පෙනෙන ලක්ෂ­ණ­යක් විය.

මේ ව්‍යාපෘ­ති­ව­ලට අම­ත­රව ආදා­හ­නා­ගාර ඉදි­කි­රීමේ ව්‍යාපෘති 5කට, වෙළෙ­ඳ­පොළ ඉදි­කි­රීමේ ව්‍යාපෘති 5කට හා ජල ව්‍යාපෘ­ති­ය­කට ද මේ වැඩ­ස­ට­හන යටතේ ණය මුදල් ප්‍රදා­නය කර තිබේ.

මේ සහන මූල්‍ය පහ­සු­කම් පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හන අග­මැති, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති අතර ඒ සඳහා ඇමැ­ති­ව­රුන්, නියෝජ්‍ය ඇමැ­ති­ව­රුන්, ආණ්ඩු­කා­ර­ව­රුන්, තානා­ප­ති­ව­රුන්, පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, පළාත් පාලන ආය­ත­න­වල ප්‍රධා­නීහු ද එක්වූහ. ඊට අම­ත­රව එක්සත් ජාතීන්ගේ සංව­ර්ධන වැඩ­ස­ට­හන, ආසි­යානු සංව­ර්ධන බැංකුව, ආසි­යානු පද­නම හා ජාත්‍ය­න්තර මූල්‍ය ආය­ත­න­ව­ලින් ද නියෝ­ජි­ත­යන් සහ­භාගි වූ අතර, සුනිත්‍ය බල­ශක්ති අමා­ත්‍යාං­ශය සහ ජාතික ඉංජි­නේරු පර්යේ­ෂණ ආය­ත­න­යෙන් ද නිල­ධා­රීහු මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

මේ ආය­තන රටේ සිය­ලුම පළාත් පාලන ආය­ත­න­ව­ලට මූල්‍ය සහාය ලැබෙන පරිදි ණය ප්‍රති­පත්ති සකස් කර,ණය යෝජනා ක්‍රම ක්‍රියා­ත්මක කිරී­මට දේශීය ණය සංව­ර්ධන අර­මු­දලේ සභා­පති සහ රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ප්‍රදීප් යස­රත්න මහතා සහ එහි අධ්‍යක්ෂ හා ප්‍රධාන විධා­යක නිල­ධාරි කේ. ඩී. චිත්‍ර­පාල මහතා පිය­වර ගෙන ඇති බව ද අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ඉදි­රි­යේදී නව ණය යෝජනා ක්‍රම රාශි­යක් හඳුන්වා දීමට නිය­මිත බව ප්‍රධාන විධා­යක නිල­ධා­රි­ව­රයා ‘දින­මිණ’ට වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT