යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි ඉන්දීය ධීවරයන් 23 දෙනාගෙන් 20 දෙනකු ඌර්කාවතුරේ අධිකරණය මඟින් 1 දා නිදහස් කොට තිබේ.
ඉතිරි තුන් දෙනා බෝට්ටු පදවන ලද පුද්ගලයන් තුන් දෙනා වන අතර, ඔවුන්ට අධිකරණයෙන් නිදහස නොලැබුණේ මීට ඉහතදී ඔවුන්ගෙන් දෙදෙනෙකුට එරෙහිව අත්හිටුවූ සිරදඬුවම් තිබූ බැවිනි.
ඌර්කාවතුරේ මහේස්ත්‍රාත්වරයා යාපනයේ ධීවර නිලධාරීන්ට නියෝග කොට ඇත්තේ එම තුන් දෙනා පිළිබද වාර්තාවක් 5 වෙනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසයි. අධිකරණය විසින් නිදහස් කළ ධීවරයන් 20 දෙනා යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය කොන්සෝල් ජනරාල් කාර්යාලයේ හා නාවික හමුදාවේ සහය මත ආපසු ඉන්දියාවට යැවීමට කටයුතු කරණ ලෙසද මහේස්ත්‍රාත්වරයා ධීවර නිලධාරීන්ට නියෝග කොට තිබේ.
ඒ අනුව ඔවුන්ව 2 දා කන්කසන්තුරේ ප්‍රදේශයෙන් ඉන්දියාව වෙත යැවීමට අවශ්‍ය කටයුතු නාවික හමුදාව විසින් යොදා ඇත.