Tuesday, April 22, 2025
Home » ලෝකයේ ලොකුම පොඩි හාමු­දු­රුවෝ

ලෝකයේ ලොකුම පොඩි හාමු­දු­රුවෝ

by damith
August 3, 2024 1:00 am 0 comment

ඊයේ මධ්‍යහ්න කාලයේ අප­වත් වූයේ එක් සම­යක්හි මේ රටේ වැඩ වාසය කළ බල­වත්ම භික්ෂූන් වහ­න්සේය. ඒ බල­ව­ත්කම කව­රේද යත්, උන්ව­හන්සේ සකල දේශ­පා­ලන නාය­ක­යන්ම සිය වස­ඟයේ පව­ත්වා­ගෙන යෑමේ හැකි­යා­වෙන් යුත් වූහ. ආගම, ජාතිය කවර වුවත් කොළඹ ප්‍රභූ පන්තියේ සියල්ලෝ උන්ව­හන්සේ සොයා ආහ. ගල­බොඩ ඥානි­ස්සර හිමි­පා­ණන්ගේ පරි­පා­ල­නය උන්ව­හ­න්සේ­ටම ආවේ­ණි­කය. බැලූ බැල්මට මුරණ්ඩු ස්වභා­ව­යක් දරනා සෙයකි. අණ­දීමේ සම­හර රළු ස්වභා­ව­යන් හේතු­වෙන් අස­ලට යෑම පවා බිය උප­ද­වන සෙයකි.

චීන, ජපන් යන කහ මිනි­සුන්ගේ වර්ගයේ ශරීර සෙය්‍යා­වක් ඇති උන්ව­හන්සේ, උදෑ­සන තේ කෝප්පය අතට ගෙන විහා­රය ඉදි­රි­පිට ඇති මොන්ටි­‍ෙසා්රි සයිස් එකේ වේවැ­ලෙන් වියන ලද පුටුවේ අසුන් ගන්නාහ. ගංගා­රා­මය සඳහා සියලු පත්තර ලැබෙන්නේ ෆ්‍රී කොපි ලෙසය. රටේ සිටිනා සියලු මාධ්‍ය හිමි­ක­රුවෝ, ගංගා­රා­මයේ දාය­ක­යෝය. ඒ සියල්ල උන්ව­හන්සේ උන­න්දු­වෙන් කිය­ව­න්නාහ. ඒ අතරේ කිසිදු කතා­වක් නැත. අහල පහල සිදු­වෙන කිසි­වක් ගැන ද වගේ වගක් නැත. එම කාලය ඉක්මවූ පසු කඩි­සර ගම­නින් පන්සලේ වැඩ කට­යුතු සොයා බල­න්නාහ.

පන්සලේ ලොකු හාමු­දු­රුවෝ වුවද සියලු දෙනා උන්ව­හන්සේ අම­තන්නේ පොඩි හාමු­දු­රුවෝ යන නමිනි. මේ පිළි­බ­ඳව අගක් මුලක් නොදන්නා අය සිතනු ඇත්තේ ලොකු හාමු­දු­රු­න­මක් ගංගා­රා­ම­යට සිටිනා බවය. 1943 දෙසැ­ම්බර් මාසයේ මාතර ගල­බොඩ උපන් දරුවා පැවිදි දිවි­යට පිවි­සෙන්නේ 1954 නොවැ­ම්බ­රයේ­දීය.

මේ තීරුව චරි­තා­ප­දාන සඳහා වෙන් නොවෙ­තත්, එවන් භික්ෂු චරි­ත­යක අභි­මා­නය සට­හන් විය යුත්තේ හෙයින් අද දිනය උන්ව­හන්සේ වෙනු­වෙන් වෙන් කිරී­මට රිසියැ.

පොඩි හාමු­දු­රුවෝ සේම ගංගා­රා­මය ද අමුතු තැනකි. පිහිටා ඇත්තේ කොළඹ නගර මධ්‍ය­යේය. ඓති­හා­සි­ක­භා­ව­යෙන් මනාව සරුය. මාලි­ගා­කන්ද විද්‍යෝ­දය පිරි­වෙන පිහි­ටුවා වදාළ හික්ක­ඩුවේ ශ්‍රී සුමං­ගල නා හිමි­යන්ගේ උරු­මය එහි රැඳී ඇත්තේය. මාගොඩ ඥානි­ස්සර නාහිමි සහ මොරො­න්තු­ඩුවේ ධම්මා­නන්ද නාහිමි යන ගංගා­රා­මයේ වැඩ විසූ මහා යති චරිත ශ්‍රී පාද­ස්ථා­නයේ නායක හිමි පදවි දැරූහ. 1885 අප්‍රේල් 28 වැනි දින යෙදී තිබූ වෙසක් පුර පස­ළො­ස්වක දිනයේ බෞද්ධ කොඩිය පළ­මුව ලෙළ දුන් පන්සල් අතර ගංගා­රා­මය ද වන්නේය.

මේ උරු­මය සහි­තව උන්ව­හන්සේ ගංගා­රා­මයේ නායක හිමියෝ බවට පත්ව­න්නාහ. කඩි­සර ගමන, ආධි­ප­ත්‍ය­වාදී හැසි­රීම ආදී නාය­ක­ත්වයේ ලක්ෂණ සි‍ෙයාල­ඟම දැවටී ඇත්තේ හෙයින් යන යන සියලු තන්හි ලොකු හාමු­දු­රුවෝ වූවෝ පොඩි හාමු­දු­රු­වෝය.

ඒ අතර උන්ව­හ­න්සේගේ අමුතු හැසි­රීම් රටා ද වූහ. ගංගා­රා­මයේ තැනින් තැන ඇති පැරණි කාර් එක­තුව උන්ව­හ­න්සේගේ එවන් ස්වභාව පෙන්නුම් කර­න්නාහ. පරණ කාසි ආදියේ සිට බොහෝ පැරණි දෑ එහි ගොඩ ගසා ඇත්තේය. වෙන එකක් තබා යාන්ත්‍රික ඉංජි­නේරු තාක්ෂ­ණ­යෙන් තනන ලද පැරණි තාලයේ සෝපා­න­යක් එහි තිබේ. එය කොහේදෝ පරණ බඩු ඇති ස්ථාන­ය­කදී දැක ගල­බොඩ හිමියෝ රැගෙන ඇවිත් පාවිච්චි කරන මට්ට­මට යථා­වත් කර පන්සලේ සවි කළහ.

ප්‍රශ්න සඳහා විස­ඳුම් සෙවීම ඒවා අන­ව­ර­තව ක්‍රියා­ත්මක තත්ත්වයේ පව­ත්වා­ගෙන යෑම පොඩි හාමු­දු­රු­වන්ගේ හැකි­යාවේ මහි­මය විය. දුප්ප­ත්කම තුරන් කිරීම සඳහා ‘ජන­ස­විය’ යන සංක­ල්පය නිර්මා­ණය කරන ලද්දේ උන්ව­හ­න්සේය.

කොළ­ඹට පෙර­හ­රක් නොති­බුණු යුග­යක නවම් මහා පෙර­හර ආරම්භ කර පසුව එය ගංගා­රාම වෙසක් කලා­පය තෙක් සංව­ර්ධ­නය කරන ලද්දේය. මේ ජාතියේ වැඩ කිරීම සඳහා අද රටේ චරිත හිඟය. කුසී­ත­ක­මට සම වැදී ඇති පිරිස වැඩිය. තමන්ගේ කාර්ය­යක් කර­ගෙන ඉන් එහාට කිසි­වක් නොක­රන පිරිස් ද ඇත.

පොදු කට­යුතු අර­හංය. ‘සමා­ජ­යට කරලා වැඩක් නැහැ’ යන මතය දැන් රජ වී ඇති හෙයින් පොදු සේවා සඳහා කිසි­වෙක් එන්නේ නැත. ගහන තර­මක් තනි ගේම් ගසා, අව­සා­න­යේදී එයින් ද සැන­සී­මක් නොමැ­තිව වැළලී යන දනන් අතරේ ගල­බොඩ ඥානි­ස්සර චරි­තයේ පණ හයි­යට තිබුණේ නම් තව තව සමා­ජය උදෙසා කරන කාර්ය­යන් දැක බලා, විඳ­ගැ­නීමේ හැකි­යාව අප ලබනු ඇත්තේය.

උන්ව­හන්සේ මේ සියල්ල සඳහා ආදර්ශ පාඨය කර ගත්තේ කුම­ක්දැයි වරක් සඳ­හන් කළේය. “අපට අවශ්‍ය දේ කරවා ගැනීමේ හැකි­යා­වක් අපට නෑ. අපට ඕන දෙය වෙනත් කිසි­වකු විසින් සිද්ධ­ කර දෙන්නෙත් නෑ. එබැ­වින් කළ යුතු දෙයක් පවතී නම් අපි විසින් එය කළ යුතුයි. එය තමයි හික්ක­ඩුවේ නායක හිමි­යන්ගේ වච­නය”

උන්ව­හන්සේ මහ­බ­ලි­පු­රම් දක්වා චෙන්නායි සිට ටැක්සි­ය­කින් යන ගමනේ ත්‍රී බෑන්ක් නම් යමක් දුටු­වෝය., මේ සංක­ල්පය දැක බලා ගත් උන්ව­හන්සේ, එය ‘ගස් බැංකුව’ නම් සංක­ල්ප­යට හරවා ක්‍රියා­ත්මක කළහ.

අක්කර 900ක වත්තක් භද්‍රා­වති පුණ්‍ය අර­මු­දල මඟින් සංව­ර්ධ­නය කර දකුණු පළා­ත­ටම ඇට සහ පැළ බෙදා දීමේ මධ්‍ය­ස්ථා­න­යක් අකු­රැස්සේ ආරම්භ වන්නේ එසේය. ඒ වත්තේ මහෝ­ගනී ගස් හයලක්ෂ­යක්, තේක්ක ගස් හැත්තෑ දහ­සක්, අගා­වුඩ් ගස් ලක්ෂ­යක් වගා කර තිබේ. අක්කර සිය­යට වැඩි භූමි ප්‍රදේ­ශ­යක, කෘෂි ගොවි­පො­ළ­වල් දොළ­හක් ආරම්භ කර ඇත්තේය. මේවා ආණ්ඩු­ව­කට ද සිතා ගැනී­මට අමාරු කාර්ය­යන්ය.

තමා දේශය වෙනු­වෙන් කළ සියලු කාර්ය­යන් ඉතිරි කර උන්ව­හන්සේ නික්ම ගොස් ඇත්තාහ. ඒ මහා සත්කා­රය පාර­මි­තා­වක් වී උන්ව­හන්සේ නිව­නින් නිවේවා! යන්න දින­මිණ පැතු­මය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT