Home » Dialog Home Broadband වෙතින් Wi-Fi රීලෝඩ් රු. 699 ප්ලෑන් සමඟ මාසෙටම ඇතිවෙන්න Data!

Dialog Home Broadband වෙතින් Wi-Fi රීලෝඩ් රු. 699 ප්ලෑන් සමඟ මාසෙටම ඇතිවෙන්න Data!

by damith
August 3, 2024 12:55 am 0 comment

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, පාරිභෝගිකයින්ගේ දිනෙන් දින වෙනස්වන Data අවශ්‍යතාවයන්ට ගැළපෙන නවතම Dialog Home Broadband ගෙදරට Wi-Fi රීලෝඩ් ප්ලෑන් එකක් හඳුන්වා දී තිබේ.

මෙම නවතම ප්ලෑන් එක මගින් මාසයක් පුරා පවුලේ සියලු දෙනාගේම Data අවශ්‍යතාවන් සපුරාගත හැකිවන පරිදි කැමති විදියට භාවිත කිරීමට GB 30ක් ලබාදෙන අතර, ඒ සඳහා මාසයටම වැයවන්නේ රු. 699ක් පමණයි. මෙලෙසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ මුළු පවුලේම Wi-Fi Data අවශ්‍යතාවන් නිරන්තරයෙන් සැලකිල්ලට ගනිමින් ඩයලොග් Home Broadband පාරිභෝගිකයන්ට වඩාත් වාසිදායක ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙනම විකල්ප පෙරගෙවුම් ප්ලෑන් නිරන්තරයෙන් හඳුන්වා දෙයි.

පාරිභෝගිකයින්ට MyDialog App හරහා හෝ දිවයින පුරා ඕනෑම Dialog අලෙවිසලකින් රු. 699 ක් රීලෝඩ් කර ගෙදරට Wi-Fi 699 ප්ලෑන් එක පහසුවෙන් activate කරගත හැකිය. වෙළෙඳ පොළේ ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලබාදෙන ප්ලෑන් එකක් ලෙසින් මෙම නවතම ප්ලෑන් එක හඳුන්වා දීම ඩයලොග් Home Broadband පෙරගෙවුම් පාරිභෝගිකයින්ට පහසුව සැලසීම උදෙසාම ගත් සුවිශේෂී පියවරකි. ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා ලෙසින්, සියලු පාරිභෝගිකයින්ට හොඳම Data අත්දැකීමක් ලබාදීමට ඩයලොග් නිරන්තරයෙන් කැප වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT