Tuesday, April 22, 2025
Home » පැරිස් පිහි­නුම් තටා­ක­යම කැළ­ඹෙයි
ප්‍රමි­ති­යෙන් තොරයි: ලෝක පුහු­ණු­ක­රුවෝ චෝදනා කරති

පැරිස් පිහි­නුම් තටා­ක­යම කැළ­ඹෙයි

මෙවැනි ලොකු වර­දක් ඔලි­ම්පික් උලෙ­ළ­කදී හිතාගන්න බෑ - මනෝජ් අබේ­සිංහ

by Gayan Abeykoon
August 2, 2024 1:26 am 0 comment

ප්රින්ස් ගුණ­සේ­කර ප්රංශයේ පැරිස් නුවර සිට...
පැරිස් පිහි­නුම් තටා­කයේ පසු­පස ආර ඉසව්වේ ගංගා සෙන­වි­රත්න තරග කළ අයුරු. ඡායා­රූප - ප්‍රින්ස් ගුණ­සේ­කර

පැරිස් ඔලි­ම්පික් උලෙළේ පිහි­නුම් තරග පැවති ඩිෆෙන්ස් අරීනා පිහි­නුම් තටා­කය පිළි­ගත් ප්‍රමි­තී­න්ව­ලින් තොර බවට දෙස් විදෙස් පුහු­ණු­ක­රුවෝ චෝදනා කරති. මේ හේතු­වෙන් ලෝකයේ හොඳම පිහි­නුම් ක්‍රීඩ­ක­යන් බොහො­ම­ය­කට බලා­පො­රො­ත්තුවූ දක්ෂතා අත­රට පැමි­ණී­මට නොහැකි වූ බවත්, එයට හේතුව පිහි­නුම් තටා­කයේ මන්ද­ගාමී තත්ත්වය බවත් ලෝක ජල ක්‍රීඩා සංග­ම­යට හා ජාත්‍ය­න්තර ඔලි­ම්පික් කමි­ටු­වට පැමි­ණිලි ලැබෙ­මින් පවතී.

පිළි­ගත් ප්‍රමි­තීන් අනුව අන්ත­ර්ජා­තික පිහි­නුම් තටා­ක­යක ගැඹුර මීටර් 3ක් තිබීම අනි­වාර්ය වුවද පැරිස් ඩිෆෙන්ස් අරීනා පිහි­නුම් තටා­කයේ ගැඹුර මීටර් 2.15කි. තටා­කය නොගැ­ඹුරු වන තර­මට පිහි­නී­මේදී ඇති කර­වන රළ මතින් කැළ­ඹීම වැඩි­වන බවත්, තටා­කය මීටර් 3ක ගැඹු­ර­කින් පිහිටි තර­මට ජලය සන්සු­න්වන බවත් පිහි­නුම් විශේ­ෂ­ඥයෝ පෙන්වා දෙති.

කැළ­ඹිලි සහිත ජලයේ පිහි­නුම් ක්‍රීඩාවේ යෙදීම අසී­රු­වන අතර, එවැනි පසු­බි­මක් තුළදී ස්වභා­වි­ක­වම පිට­තට විහි­දෙන තරංග වැඩි වශ­යෙන් නිර්මා­ණය කරන හෙයින් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට වැඩි ප්‍රති­රෝ­ධ­යක් එල්ල වන බවත් ඔවුහු පැහැ­දිලි කර සිටිති. එබැ­වින් ජාත්‍ය­න්තර ප්‍රමි­ති­යෙන් තොර නිසි ගැඹු­රක් නැති පැරිස් ඩිෆෙන්ස් අරීනා පිහි­නුම් තටා­කයේ කැළ­ඹිලි සහිත ජලයේ පිහි­නී­මෙන් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ගේ දක්ෂතා අඩුවූ බව ලොව අංක එකේ පුහු­ණු­ක­රුවෝ සඳ­හන් කර සිටිති.

මෙයට වසර 8කට පෙර පැවති රියෝ ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළේදී පිහි­නුම් ඉස­ව්ව­ලදී ලෝක වාර්තා 7ක් බිහිවූ අතර, 2020 ටෝකියෝ ඔලි­ම්පික් උලෙ­ළේදී ලෝක වාර්තා 5ක් බිහි­විය. එහෙත් මෙවර පැරිස් ඔලි­ම්පික් උලෙ­ළේදී බිහිවී ඇත්තේ ලෝක වාර්තා­වක් පමණි. තවත් සරල උදා­හ­ර­ණ­යක් ලෙස මීටර් 100 ළය ආර ඉසව්ව සැල­කි­ල්ලට ගත­හොත් මෙවර රන් පද­ක්කම දිනා­ගත් ඉතා­ලියේ මාටින් නිකලෝ තත්පර 59.03ක කාල­යක් ගැනීම පෙන්වා­දිය හැක. එය වෙනත් ඔලි­ම්පික් පිහි­නුම් තර­ගා­ව­ලි­ය­කදී පද­ක්ක­මක් දිනා ගැනී­මට හෝ තරම් නොවන කාල­යකි. 2014 රියෝ ඔලි­ම්පික් උලෙ­ළේදී එම ඉසව්වේ රන් පද­ක්කම දිනා­ගත් එංග­ල­න්තයේ ඇඩම් පැටී තත්පර 57.13ක් ගත් අතර, ලෝකඩ පද­ක්කම දිනූ අමෙ­රි­කාවේ කොඩී මිලර් (තත්පර 58. 87) ද, පැරිස් රන් පද­ක්ක­මට වඩා හොඳ කාල­යක් දැක්වූ­වේය. 2020 ඔලි­ම්පික් උලෙ­ළේදී මීටර් 100 ළය ආර ඉසව්වේ රන් පද­ක්කමේ කාලය තත්පර 57.37ක් විය.

මේ පිහි­නුම් තටා­කයේ මීටර් 100 පසු­පස ආර පිහි­නුම් ඉසව්වේ මූලික වට­යට එක්වූ ගංගා සෙන­වි­රත්න මිනිත්තු 1:04.26ක කාල­යක් ගත කළ අතර, මීටර් 100 නිද­හස් ආර මූලික වටයේ තර­ග­යට එක්වූ කයිල් අබේ­සිංහ තත්පර 51.42කින් තර­ගය නිම කළේය. මේ දෙදෙ­නාම මෙයට පෙර මේ ඉස­ව්වල පෞද්ග­ලික හොඳම දක්ෂතා පෙන්වා තිබිණි.

මේ පිළි­බ­ඳව පැරිස් ඔලි­ම්පික් උලෙ­ළට සහ­භාගී වූ ශ්‍රී ලංකාවේ සිටින වඩාත් අත්දැ­කීම් බහුල පුහු­ණු­කරු මනෝජ් අබේ­සිංහ මහ­තා­ගෙන් ‘දින­මිණ’ කළ විම­සී­ම­කදී පැව­සුවේ පිහි­නුම් තටා­කයේ මන්ද­ගාමී තත්ත්වය පිළි­බඳ නැඟෙන මැසි­විලි තමන් ද අනු­මත කරන බවයි. “ලෝකයේ මුල් පෙළේ පුහු­ණු­ක­රු­වන් ඩිෆෙන්ස් අරීනා පිහි­නුම් තටා­කය පිළි­බඳ නඟන මැසි­විලි සත්‍ය බව මා පිළි­ග­න්නවා. මා මේ බව කලින් සඳ­හන් නොකළේ ඇතැම් අය මම නිද­හ­සට කරුණු කිය­නවා කියා සිතන්න පුළු­වන් නිසයි. තටා­කයේ ගැඹුර නිය­මිත පරිදි නෑ. එහෙම වුනාම සියලු ක්‍රීඩ­ක­යන්ගේ දක්ෂ­තා­ව­ලට එය බල­පා­නවා. නිය­මිත ප්‍රමි­ති­යෙන් යුත් තටා­ක­යක පිහි­නුවා නම් ගංගා හා කයිල් ඔවුන්ගේ පෞද්ග­ලික හොඳම දක්ෂතා අත­රට යනවා. මේ තටා­කය අලු­තින්ම හදපු එකක්. විවෘත කළේ ඔලි­ම්පික් උලෙ­ළ­ටයි. මේ වගේ ලොකු වර­දක් කොහොම වුනාද කියා හිතන්න බෑ” මනෝජ් අබේ­සිංහ මහතා පැව­සීය.

පැරිස් ඔලි­ම්පික් උලෙළේ පිහි­නුම් තටා­කයේ භයා­නක මන්ද­ගාමී තත්ත්වය උම­තුවූ ක්‍රීඩා­වක පොර­යක් බවට පත්වී ඇතැයි ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ පව­සන අතර, වසර 4කට වරක් පැවැ­ත්වෙන මිහි­මත දැවැ­න්තම ක්‍රීඩා උලෙ­ළට මෙවැනි තත්ත්ව­යක් උදා­වීම කන­ගා­ටු­වට කරු­ණක් බවද පෙන්වා දෙති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT