76
හයිලෙවල් මාර්ගයේ මීපේ හන්දියේ සිට කොළඹ දෙසට ඇති බස් නැවතුම අසල කානු පද්ධතියට අවට වෙළෙඳසල්වලින් ඉවත දමන අපජලය පිරී පෙරවරු කාලයේ එම ස්ථානයේ දැඩි දුර්ගන්ධයක් පවතින බව ජනතාව පවසති. මෙම ස්ථානයේ මාළු වෙළෙඳසලක් ද පවත්වාගෙන යන අතර, එම වෙළෙඳසලෙන් ඉවත දමන අපජලය මෙම කානුවේ එක්රොක්වී මෙලෙස දුගඳ හමමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල කඩිනම් අවධානය යොමු කර, මෙම ස්ථානයේ පවතින අධික දුර්ගන්ධයට විසඳුමක් ලබා දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.