Home » පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ගමන් ගත් නිල රථය පින්ව­ත්තේදී අන­තු­රක

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ගමන් ගත් නිල රථය පින්ව­ත්තේදී අන­තු­රක

by Gayan Abeykoon
August 2, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ රුවන් ගුණ­සේ­කර මහතා පෙරේදා (31) රාජ­කාරී සඳහා යමින් සිටි­යදී මෝටර් රථය ලොරි රථ­යක ගැටී අන­තු­ර­කට ලක්ව ඇති අතර, පින්වත්ත පොලි­සිය ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

අන­තු­රෙන් කිසි­ව­කු­ටත් හානි සිදුව නොමැති අතර, නිල රථ­යට බර­ප­තළ හානි සිදුව ඇති බව සඳ­හන් වේ. ඒ මහතා වාද්දුවේ පිහිටි සිය නිවෙසේ සිට කොළඹ පොලිස් මූල­ස්ථා­නය දක්වා ගමන් කර­මින් සිටි­යදී ගාලු පාරේ නල්ලූ­රුව ප්‍රදේ­ශ­යේදී  ඒ දෙස­ටම ගම­න්ගත් ලොරි රථ­යක ගැටී ඇත. මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා ගම­න්ගත් මෝටර් රථය දකුණු මංතී­රුවේ ගමන් කර ඇති අතර, ඒ දෙස­ටම වම් පසින් ගම­න්ගත් ලොරි රථය වෙනත් වාහ­න­ය­කට ඉස්සර කර යෑමේදී ලොරි රථයේ පිටු­පස කොටස මෝටර් රථයේ ගැටී ඇති බව පොලිස් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළිව තිබේ.

අන­තු­රෙන් පසු රුවන් ගුණ­සේ­කර මහතා වෙනත් පොලිස් ජීප් රථ­යක් ගෙන්වා­ගෙන රාජ­කාරී සඳහා වාර්තා කර ඇත. ලොරි රථ රියැ­දු­රුගේ අප­රි­ක්ෂා­කාරී රිය ධාව­නය අන­තු­රට හේතු වී ඇති බැවින් ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ලොරි රථ රියැ­දුරු පාන­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු රුපි­යල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර ඇති බව පොලි­සිය සඳ­හන් කළේය. පින්වත්ත ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක පත්ම නන්දන මහ­තාගේ උප­දෙස් පරිදි රථ වාහන අංශ ස්ථානා­ධි­පති සැර­යන් ප්‍රියන්ත (13980) සහ කොස්තා­පල් මධු­ෂාන් (104235) පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT