Home » කළු­තර පොලිස් විද්‍යා­ලයේ සොකෝ ලැබ් එකේ ගින්නක්

කළු­තර පොලිස් විද්‍යා­ලයේ සොකෝ ලැබ් එකේ ගින්නක්

by Gayan Abeykoon
August 2, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය - සුමිත් ප්රේම­ති­ලක

කළු­තර පොලිස් විද්‍යා­ලයේ අප­රාධ ස්ථාන පරික්ෂා කරන නිල­ධා­රීන් පුහුණු කරනු ලබන පරී­ක්ෂ­ණා­ගා­රයේ පෙරේදා (31) රාත්‍රි ගින්නක් හට­ගෙන ඇති බව කළු­තර මහ නගර සභාවේ ගිනි නිවන ඒක­කය පව­සයි.

ගින්නෙන් එහි පරි­ග­ණක ඇතුළු දේපළ රැසක් ද විනාශ වී ඇති බව වාර්තා වේ.

පොලිස් විද්‍යා­ලයේ නිල­ධා­රීන් ගින්න පාල­නය කර ඇති අතර, කළු­තර මහ නගර සභාවේ ගිනි භට­යින් එක්ව ගින්න මුළු­ම­නින්ම නිවා­දමා තිබේ.

කළු­තර කොට්ඨාස අප­රාධ පරී­ක්ෂ­ණා­ගාර නිල­ධා­රීන් ද පරී­ක්ෂණ සිදු කර තිබේ.

විදුලි කාන්දු­ව­කින් ගින්න හට­ග­න්නට ඇති බවට සැක පළ කරන රජයේ රස පරී­ක්ෂක වාර්තාව ලැබෙන තෙක් එය නිශ්චි­තව ප්‍රකාශ කළ නොහැකි බව නිල­ධා­රි­යකු පැවැ­සීය.

ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුවූ දේපළ හානිය මෙතෙක් ගණන් බලා නොමැති බවත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT