Home » කොළො­න්නාවේ 75 වියැති අය­කුගේ රොලෙක්ස් වර්ගයේ ලක්ෂ 35ක අත්ඔ­ර­ලෝ­සු­වක් සොරා­ගෙන

කොළො­න්නාවේ 75 වියැති අය­කුගේ රොලෙක්ස් වර්ගයේ ලක්ෂ 35ක අත්ඔ­ර­ලෝ­සු­වක් සොරා­ගෙන

by Gayan Abeykoon
August 2, 2024 1:06 am 0 comment

කොළො­න්නාව සමූහ - ඒ. සුම­න­සේන

වැල්ල­ම්පි­ටිය පොලිස් වසමේ කොළො­න්නාවේ දෙම­හල් නිවෙ­සක යට මහ­ලට ඇතුළු වූ සොරෙකු එහි ලාච්චු­වක හා ඇඳක් උඩ තිබූ රොලෙක්ස් වර්ගයේ රුපි­යල් ලක්ෂ 35ක් වටිනා අත්ඔ­ර­ලෝ­සු­වක්, රුපි­යල් 20,000ක සැම්සුන් ජංගම දුර­ක­ත­න­යක්, රුපි­යල් 6,000ක නොකියා දුර­ක­ත­න­යක් හා රුපි­යල් 20 කොළ පිරවූ ටොෆි බෝත­ල­යක බහාලූ මුද­ලින් කොට­සක් සොරා­ගෙන යාමේ සිද්ධි­යක් පිළි­බ­ඳව නිවෙසේ පදිං­චි­කරු වන 75 වියැති පුද්ග­ල­යෙකු වැල්ල­ම්පි­ටිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කොට තිබේ.

නිවෙසේ තනිව පදිං­චිව සිටි ගෙහි­මියා ඩුබායි රටේ කෝකි­යෙකු ලෙස සේවය කොට ඇති අයෙකු බවද දැනට ඔහුගේ පුතාද එම රටේම සේවය කරන අයෙකු වන අතර, නැතිවූ අත්ඔ­ර­ලෝ­සුව ඔහුට එවා ඇත්තේද එම පුතා බවද පොලිස් පැමි­ණිල්ලේ සඳ­හන් වන අතර, තමා ආගම ඇද­හීම පිණිස අලු­යම 4ට පමණ අව­දිව මුව දෝව­නය සඳහා නාන කාම­ර­යට යද්දී ගෙදර ඉස්ස­රහ දොර අඩ­වන්ව තබා ගිය අත­ර­තුර මෙය වෙන්නට ඇති බව ද ඔහු පොලි­සි­යට පවසා ඇත.

අප­රාධ විම­ර්ශන අංශ සොකෝ පොලි­සිය ද මෙම විම­ර්ශ­න­යට සම්බ­න්ධව කට­යුතු කරන අතර, ඇඟිලි සල­කුණු සට­හන් ගැනීම ද සිදු කර ඇත. සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීමේ පරී­ක්ෂණ වැල්ල­ම්පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්දික නිලන්ත මහ­තාගේ උප­දෙස් පරිදි එහි අප­රාධ අංශ ස්ථානා­ධි­පති ඉසුරු ශාමික මහතා සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT