හම්බන්තොට මහ රෝහලේ ආරක්ෂක සැලැස්මක් සකස් කරමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.
හම්බන්තොට නව මහ රෝහලේ එකම ගොඩනැඟිලි සංකීර්ණයක් තුළ සියලුම රෝගී ප්‍රතිකාර වාට්ටු, බාහිර රෝගි ප්‍රතිකාර ඒකකය, ශල්‍යාගාරය, රසායනාගාර ඇතුළු සියලුම සේවාවන් සැපයීම් සිදු කිරීම මෙන්ම පරිපාලන කටයුතුද සිදු කරන හෙයින් රෝහල් සංකීර්ණයේ විධිමත් ආරක්ෂක සැලැස්මක් මෙතෙක් නොතිබූ හෙයින් එම ආරක්ෂක සැලැස්ම මේ දිනවල සකස් කරමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.
රෝහල තුළ හදිසි අවශ්‍යතාවක් සිදුවුවහොත් පිරිස් ඉවත් කිරීමට මෙමඟින් ක්‍රමවත්භාවයක් සකස් කිරීම සිදු කරන බවත්, ඒ සඳහා කාර්ය මණ්ලය දැනුම්වත් කිරීම් ද සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවත් රෝහල් අධ්‍යක්ෂ අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළාය.