Tuesday, April 8, 2025
Home » මඩ­ක­ල­පුවේ මත්ද්‍රව්‍ය භාවි­තය ඉහළ යෑමත් සමඟ සිසුන් හා තරුණ පිරිස දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක්

මඩ­ක­ල­පුවේ මත්ද්‍රව්‍ය භාවි­තය ඉහළ යෑමත් සමඟ සිසුන් හා තරුණ පිරිස දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක්

by Gayan Abeykoon
August 2, 2024 1:05 am 0 comment

සිරි­පුර මදු­ශානි අබේ­සිංහ

මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්කයේ මත්ද්‍රව්‍ය භාවි­තය සැල­කිය යුතු අන්ද­මින් ඉහළ යෑමත් සමඟ,’අපි මත්ද්‍ර­ව්‍ය­ව­ලට එරෙ­හිව නැඟී සිටිමු ‘යන තේමාව යටතේ පාසල් සිසුන් හා තරු­ණ­යන් දැනු­ම්වත් කිරීමේ විශේෂ වැඩ­ස­ට­හ­නක් පෙරේද (31) නැඟෙ­න­හිර ආර­ක්ෂක සේනාං­කා­ධි­පති මේජර් ජෙන­රාල් එස්.ඒ. කුල­තුංග සහ නැඟෙ­න­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති අජිත් රෝහණ යන මහ­ත්ව­රුන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් කාත්ත­න්කුඩි මධ්‍ය මහා විද්‍යා­ල­යේදී පැවැ­ත්වීය.

නැගෙ­න­හිර ආඥා­පති මේජ්ර් ජෙන­රාල් කුල­තුංග මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක වුණු මෙම වැඩ­ස­ට­හන සඳහා කාත්ත­න්කුඩි මධ්‍ය මහා විද්‍යා­ලයේ සිසුන් මෙන්ම ප්‍රදේ­ශයේ තරු­ණයෝ පන්සි­ය­ය­කට ආසන්න ප්‍රමා­ණ­යක් එක්ව සිටි­යහ.

මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ගේ ප්‍රධාන ඉල­ක්කය පාසල් සිසුන් බවත්, ඒ පිළි­බ­ඳව නිවැ­රදි අබෝ­ධ­යක් ලබා­ගෙන එවැනි ක්‍රියා­කා­ර­කම් තුළින් වැළකී සිටී­මට හා තම මිතු­රන්ද එවැනි දෑ සඳහා යොමු වී ඇත්නම් ඒ පිළි­බ­ඳව ඔවුන්ගේ මවු­පි­යන් දැනු­ම්වත් කර ඉන් මුදා ගැනී­මට කට­යුතු කළ යුතු බව පාසල් සිසුන් මෙන්ම තරු­ණ­යන් දැනු­ම්වත් කිරීමේ වැඩ­ස­ට­හ­නට එක්වෙ­මින් මනෝ­වි­ද්‍යා­ත්මක උප­දේ­ශ­ක­ව­ර­යකු වන එම්.එම්.ජී.බී. මොහො­මඩ් රශාඩ් මහතා සඳ­හන් කළේය.

මත්ද්‍රව්‍ය භාවි­තය තුළින් අධ්‍යා­ප­නය කඩා­ක­ප්පල් වෙනවා සේම විවිධ අප­රාධ ක්‍රියා­වන්ට යොමු වීමේ ප්‍රව­ණ­තාව වැඩි වී තිබෙන බවද රශාඩ් මහතා මෙහිදී සඳ­හන් කළේය.

මෙහිදී කාත්ත­න්කුඩි මුස්ලිම් පල්ලි හා ආය­තන සම්මේ­ලය මඟින් නැඟෙ­න­හිර ආර­ක්ෂක සේනාං­කා­ධි­පති සහ නැඟෙ­න­හිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා මෙන්ම මනෝ­වි­ද්‍යා­ත්මක උප­දේ­ශක එම්.එම්.ජී.බී. මොහො­මඩ් මහතා ඇග­යී­ම­ටද ලක්විය.

මෙම අව­ස්ථා­වට යුද හමු­දාවේ මෙන්ම පොලි­සියේ උසස් නිල­ධා­රීන්, පාසල් සිසුන් මෙන්ම ඔවුන්ගේ මවු­පි­යන්, තරුණ තරු­ණියෝ විශාල පිරි­සක් එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT