සමගි ජන බලවේග රජයක් යටතේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ ඊයේ (01) පැවැති සාකච්ඡාවකදීය.
අද වන විට සෞඛ්‍ය පද්ධතියේ බරපතළ ගැටලුවක් හා අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. රාජ්‍ය නිහඬතාව සහ අහක බලා ගැනීම තුළ බංකොලොත් රටෙත් ඖෂධ හොරකම අල්ලස දූෂණය වංචාව වැඩි වී ඇති බවත් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
සමගි ජන බලවේග පාලනයක් තුළ විනිවිදභාවය වගකීම වගවීම පාරදෘශ්‍යභාවය ඇති කර අල්ලස දූෂණය පිටුදකිනවා. රෝග නිවාරණ හා ප්රතිකාරක වැඩසටහන් ශක්තිමත් කරන බවත් 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ ආණ්ඩුවක් හා විපක්ෂයක් නොකළ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදු කරනවා. සෑම ගැටලුවක්ම විද්‍යාත්මක ක්‍රමවේද උපයෝගි කරගෙන වඩාත් ශක්තිමත්ව හා වේගවත්ව තිරසර විසඳුම් ලබාදෙනවා යැයි ද හෙතෙම මෙහිදී කීවේය.